Thursday, 09 September 2021 - 13:33
වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් දැනුම්දීමක්
...

කොවිඩ් -19 වසංගත තත්ත්වය ඉහළයාම හේතුවෙන් ණය ගනුදෙනුකරුවන් සඳහා මීට පෙර ලබාදී තිබූ ණය සහනය  තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව සලකාබලන ලෙස සියලු බලපත්‍ර ලාභි වාණිජ බැංකු වෙත මහ බැංකුව දැනුම්දී තිබෙනවා.

අදාළ සහන කාලය පසුගිය මස 31 වනදායින් අවසන් වුණා.

ඒ අනුව එම සහන කාලය මෙම වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කරන ලෙස මහ බැංකුව එලෙස දැනුම්දී ඇති බව සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප්‍රතිලාභයන්ට නොඅඩු වන සේ බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබාදීමට සලකාබලන ලෙසයි.

ණය ගනුදෙනුකරුවන්ට ලබන වසරේ ජනවාරි මස සිට සිය ණය වාරික ගෙවීම ක්‍රමානුකූලව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සකස්කර ගැනීමට මෙම ණය සහන කාලය උපකාරි වනු ඇති බව මහ බැංකුව පෙන්වාදී තිබෙනවා.

මෙම ණය සහනය සඳහා සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට අදාළ බලපත්‍ර ලාභි බැංකු වෙත හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ ක්ෂණික අංක 1935 හෝ 011 2 477 966 හෝ 011 2 477 129 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

මේ සම්බන්ධයෙන් බලපත්‍ර ලාභී වාණිජ බැංකු වෙත මහ බැංකුව විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛය www.cbsl.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.


More News
...
Saturday, 25 December 2021 - 13:20

ශ්‍රී ලංකා මහ බැංකුව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් සලකා බලමින් “විදේශ...   Read more

...
Tuesday, 14 December 2021 - 16:10

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත් කර තිබේ.ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා...   Read more

...
Sunday, 05 December 2021 - 11:10

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් නිල මාර්ග ඔස්සේ දිවයිනට ප්‍රේෂණ යැවීම...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...