Monday, 13 September 2021 - 20:16
“සණස” සම්මාන දෙකකින් පිදුම් ලබයි
...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කොරෝනා කාලයේදී ක්‍රියාත්මක කළ සුවිශේෂ ව්‍යාපෘති සැලකිල්ලට ගනිමින් “Life Insurance Covid 19 Response Initiative Sri Lanka 2021” සහ ශ්‍රී ලංකාවේ වඩාත් තිරසර ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස “Most Sustainable Micro Insurance Company” යන සම්මානවලින් පිදුම් ලැබුවා.

රටවල් රැසක අවධානයට ලක්වන ලොව ඉහළ කීර්ති නාමයක් දිනූ World Economics සඟරාව වාර්ෂිකව ස්වාධීන අධ්‍යයනයක් ඔස්සේ මේ සම්මාන පිරිනමයි.

කොරෝනා නිසා වාරික ගෙවීමට නොහැකිව රක්ෂණ අක්‍රිය වූ ජීවිත රක්ෂණ හිමියන් 21,000කට වැඩි පිරිසකගේ වාරික ගෙවා එම රක්ෂණ ඔප්පු යළි බලාත්මක කිරීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කටයුතු කළා.

බොහෝ සමාගම් ඉතා අසීරුවෙන් ව්‍යාපාර ගෙන යද්දී සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ක්‍රියාත්මක කළ මේ සත්කාර්යය සමාජ සහ ආර්ථික විශ්ලේෂකයන්ගේ ඇගයීමට ලක් වුණා.

මීට අමතරව කොරෝනා කාලයේදී නිවෙස්වලට ගොස් අත්‍යවශ්‍ය ආහාර පාන හා මුව ආවරණ සැපයීම, ජාතික කොවිඩ් අරමුදලට මූල්‍ය දායකත්වය සැපයීම ඇතුළු සමාජ සත්කාර රැසක නිරත විය.

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසර ක්ෂුද්‍ර රක්ෂණ සමාගම ලෙස අවිවාදයෙන්ම පත් වීමට ප්‍රමුඛ හේතුව වන්නේ රක්ෂණයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ දසත විසිරුණු ග්‍රාමීය ජනතාවට රැගෙන යෑමට විශාල මෙහෙයක් කිරීමයි. එනිසා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ව්‍යාපාරයකට එහා ගිය සමාජ සත්කාර ආයතනයක් ලෙස ජන මනස තුළ ස්ථානගත වී ඇත.

“ග්‍රාමීය ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් වැඩ කරන සමාගමක් ලෙස කොරෝනා කාලයේදී අසිරූතා මධ්‍යයේ වුවද ව්‍යාපාරයට සම්බන්ධ සියලු පාර්ශ්වවල යහපත වෙනුවෙන් කටයුතු කළා. ඉදිරියටත් විවිධ මූල්‍ය අවශ්‍යතා සහිත ජනතාව අතරට අපේ ව්‍යාපාරය ගෙන ගොස් ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් අපේ වගකීම ඉටු කරනවා.” සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි ඉන්දික කිරිවන්දෙණිය මහතා කියා සිටියා.


More News
...
Wednesday, 01 December 2021 - 20:52

බ්‍රිතාන්‍යයේ උපන්, ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු ජාතික ෂෙමාරා වික්‍රමනායක ඕස්ට්‍රේලියාවේ...   Read more

...
Sunday, 14 November 2021 - 11:12

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් 2021 නොවැම්බර් 10වන...   Read more

...
Thursday, 09 September 2021 - 13:33

කොවිඩ් -19 වසංගත තත්ත්වය ඉහළයාම හේතුවෙන් ණය ගනුදෙනුකරුවන් සඳහා මීට පෙර ලබාදී තිබූ ණය සහනය  තවදුරටත්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...