Wednesday, 15 September 2021 - 14:08
ලොහාන්ට ඉල්ලා අස්වෙන්න කියලා
...


පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබැගෑනියක් ඇති කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුලූ පිරිසක් බව අද ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරනවා.

ඒ ආකාරයෙන්ම ඔහු පසුගිය ඉරිදා සවස අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රඳවා සිටින කොටි සැකකරුවන් දෙදෙනකු ආයුධ පෙන්වා ඔහු ඉදිරියේ දණ ගස්වා ඇතැයිද වාර්තා කරයි.

මෙම තොරතුරු දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් මහතා ද තහවුරු කර ඇත. ඔහු ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ ලොහාන් රත්වත්තේ මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බවයි. එසේ නොවේ නම් රජය විසින් ඔහුගේ සියලුම ධුරයන් අහෝසි කළ යුතු බවත් ඔහු කියා ඇත.

රජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් නෙරපා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහුට එරෙහිව නඩු පවරන ලෙසත් දෙමළ ජාතික සන්ධානය ද රජයෙන් ඉල්ලා සිටිනවා.

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණ ඇති රථය පදවා ගෙන පැමිණ ඇත්තේ මෑතකදී පැවති ආන්දෝලනාත්මක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාවක බව ද එම වාර්තාව තවදුරටත් දක්වා තිබෙනවා.

කෙසේවෙතත් බන්ධනාගාර ලොහාන් රත්වත්තේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති සිදුවීම් කිසිවක් සිදුවී නැති නිසා ඒ පිළිබදව අදහස් දැක්වීමේ අවශ්‍යතාවයක්ද නැති බවයි.


More News
...
Tuesday, 22 February 2022 - 18:33

හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි සති අන්තයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ඔහුගේ පෞද්ගලික...   Read more

...
Wednesday, 16 February 2022 - 12:06

ගායක හා ගීත රචක ඉන්දියාවේ ඩිස්කෝ රජු ලෙස විරුදාවලිය ලත් 'බාප්පි ලහිරි' බදාදා අභාවප්‍රාප්ත විය....   Read more

...
Friday, 11 February 2022 - 15:20

බොලිවුඩ් සුපිරි නළු අනිල් කපූර් සහ ඔහුගේ පවුලේ අය දැනට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරති.අනිල් කපූර්ගේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...