Wednesday, 15 September 2021 - 22:46
නාමල් අනුරපුර බන්ධනාගාරයට
...


ඕනෑම අවස්ථාවක බන්ධනාගාරය තුළට පැමිණීමට සහ සිරකරුවන් සමඟ සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයා ට හැකියාව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාරයට බීමතින් ඇතුළු වී ගිනි අවියක් සමග හැසුරුණේ යයි පළ වන වාර්තා ගැන විමසූ විට ඔහු කියා සිටියේ මාධ්‍ය වල වාර්තා වන ආකාරයේ සිදු වීමක් එදින සිදුව නැති බවයි.

අදාල දිනයේදී විෂය භාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා තම කාර්ය මණ්ඩලය පිරිසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පැමිණ  දීර්ඝ කාලීන සිරදඬුවම් විඳින සිරකරුවන් සමඟ ඔවුන්ගේ සමාවන් පිළිබඳ සාකච්ඡා කරන ලද ඔහු කියා සිටියා.
 
මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් හමුවීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේදී එහි යාමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ සිරකරුවන් විසින් කළ ඉලීමකට අනුව බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම , රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා බන්ධනාගාරයට ගොස් එහි එල්ලුම්ගස බැලීම සඳහා එක් වූ පිරිස අතර විවාහක රූ රැජනක් සිටි බවට වාර්තා වුණා.

නමුත් දැන් වාර්තා වන්නේ එසේ එක්ව සිටියේ විවාහක රූ රැජිනක් නොවන බවයි.

එම අවස්ථාවේ ඔහු සමග එක්ව සිටියේ රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් බව සඳහන්.

කෙසේ වෙතත් අදාල සිදුවීම්වල වගකීම බාරගෙන ලොහොන් රත්වත්තේ මහතා බන්ධනාගාර කලමණාකර හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වුණා.


More News
...
Tuesday, 22 February 2022 - 18:33

හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි සති අන්තයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ඔහුගේ පෞද්ගලික...   Read more

...
Wednesday, 16 February 2022 - 12:06

ගායක හා ගීත රචක ඉන්දියාවේ ඩිස්කෝ රජු ලෙස විරුදාවලිය ලත් 'බාප්පි ලහිරි' බදාදා අභාවප්‍රාප්ත විය....   Read more

...
Friday, 11 February 2022 - 15:20

බොලිවුඩ් සුපිරි නළු අනිල් කපූර් සහ ඔහුගේ පවුලේ අය දැනට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරති.අනිල් කපූර්ගේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...