Sunday, 19 September 2021 - 17:25
යුගදනව් ඇමරිකා සමාගමකට- වාසු-විමල්-උදය විරුද්ධයි
...


ඇමරිකාවේ නිවු ෆෙට්‍රොස් නැමැති සමාගමකට මෙරට යුගදනව් විදුලි බලාගාරයෙන් කොටස් පවරා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.

සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරන්නේ මෙම යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

එම යෝජනාවට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරු විරෝධය පල කර ඇතැයි ද සඳහන්.

එම කැබිනට් පත්‍රිකාව එදින කැබිනට් මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොතිබූ බවත් කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර අදාළ එය අමාත්‍යවරුන් අතට බෙදා දීමක් සිදු කර නැති බවත් පුවත්පත වාර්තා කර ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් විරෝධය පළ කර තිබුණා.

එමෙන්ම එම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව එක් පාර්ශවයක් වෙත පවරා දීම පිළිබඳව ද විවේචනයට ලක් කර තිබෙනවා.

බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් සියයට හතළිහක් මෙසේ ඇමෙරිකානු සමාගමකට පවරා දීමෙන් ඩොලර් මිලියන 300ක ප්‍රමාණයක් මෙරටට හිමිවනවා.


More News
...
Tuesday, 22 February 2022 - 18:33

හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි සති අන්තයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ඔහුගේ පෞද්ගලික...   Read more

...
Wednesday, 16 February 2022 - 12:06

ගායක හා ගීත රචක ඉන්දියාවේ ඩිස්කෝ රජු ලෙස විරුදාවලිය ලත් 'බාප්පි ලහිරි' බදාදා අභාවප්‍රාප්ත විය....   Read more

...
Friday, 11 February 2022 - 15:20

බොලිවුඩ් සුපිරි නළු අනිල් කපූර් සහ ඔහුගේ පවුලේ අය දැනට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරති.අනිල් කපූර්ගේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...