Thursday, 23 September 2021 - 13:01
MCC යෙන් ක්‍රිකට් නීති සංශෝධනයක්
...

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ක්‍රිකට් නීති සංශෝදනයක් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව “පිතිකරුවා” යන නාමය ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කිරීමේ දී මින් ඉදිරියට ස්ත්‍රී පුරුෂ භාවයක් සදහන් නොවන ‘batter’ යන නාමය ‘batsman’ යන නාමය වෙනුවට භාවිතා කළ යුතුයි.

1787 වසරේ දී අදාළ ක්‍රීඩා සමාජය ආරම්භ කළ දා සිට ක්‍රිකට් නීති භාරකරුවා ලෙස කටයුතු කරන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ මෙම සංශෝදනය වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බවයි.

“ක්‍රිකට් යනු සියලු දෙනාගේම ක්‍රීඩාවක් බව එම්.සී.සී විශ්වාස කරන අතර මෙම පියවර මඟින් නූතන යුගයේ ක්‍රීඩාවේ වෙනස්වන ස්වභාවය හඳුනා ගන්නවා.” යනුවෙන් එම්.සී.සී ක්‍රිකට් හා මෙහෙයුම් කටයුතු පිළිබද සහකාර ලේකම් Jamie Cox සදහන් කළා.

මේ වන විට MCC සභාපති ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතායි.



More News
...
Sunday, 10 October 2021 - 10:28

 චාමික කරුණාරත්නගේ හා භානුක රාජපක්ෂගේ සුපිරි සටන්කාමී පිතිහරඹය හේතුවෙන් ඕමානය සමග පැවැති තරග...   Read more

...
Friday, 08 October 2021 - 10:43

  මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Draft) ඊයේ(7) රාත්‍රියේ...   Read more

...
Monday, 04 October 2021 - 12:46

  ඕමානයේ පැවැත්වෙන පන්දු වාර 20 තරගාවලියකට සහ ඉන් අනතුරුව විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා...   Read more

දවසේ වීඩියෝව
logo