Friday, 24 September 2021 - 21:03
මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කෙරේ
...
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ 19න් පහළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 20 - 20 ලෝක කුසලානයේ පළමු වටයේදී ඔහු එම උපදේශක තනතුරේ කටයුතු කරනු ඇති.

ජෛව බුබුල යටතේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එක්වීමට නියමිතයි. 

මහේල මේවන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට ද කටයුතු කරනවා.

ඕමානයේ දී පැවැත්වීමට නියමිත මූලික වටයේ තරඟ සඳහා පමණක් මහේල මෙම ධුරයේ කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.


More News
...
Sunday, 10 October 2021 - 10:28

 චාමික කරුණාරත්නගේ හා භානුක රාජපක්ෂගේ සුපිරි සටන්කාමී පිතිහරඹය හේතුවෙන් ඕමානය සමග පැවැති තරග...   Read more

...
Friday, 08 October 2021 - 10:43

  මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Draft) ඊයේ(7) රාත්‍රියේ...   Read more

...
Monday, 04 October 2021 - 12:46

  ඕමානයේ පැවැත්වෙන පන්දු වාර 20 තරගාවලියකට සහ ඉන් අනතුරුව විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා...   Read more

දවසේ වීඩියෝව
logo