Saturday, 25 September 2021 - 20:55
LTTE සැකකරුවන් සමග සුමන්තිරන් පැය 2ක සාකච්ඡාවක
...


අනුරාධපුර බන්ධනාගාර සිද්ධියට මුහුණදුන් එල්.ටී.ටී.ඊ රැඳවියන්ගෙන් බලපෑමකින් තොරව සාක්ෂි ලබාගැනීමට නම් ඔවුන් වෙනත් ස්ථානයකට මාරුකර යැවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසනවා.

මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළේ, අද (25) අනුරාධපුර බන්ධනාගාරය වෙත ගොස් අදාළ එල්.ටී.ටී.ඊ සැකකරුවන් හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියන්ට තර්ජනය කළ බවට වූ සිද්ධියක් පසුගිය 12 වනදා වාර්තා වුණි.

අදාළ සිද්ධියට මුහුණ දුන් එල්.ටී.ටී.ඊ සැකකරුවන් මුණගැසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඇතුළු පිරිසක් අද අනුරාධපුර බන්ධනාගාරය වෙත පැමිණියා.

උදෑසන 9ට පැමිණි මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බන්ධනාගාරයෙන් ඉවතට පැමිණියේ පැය 2කට පමණ පසුවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ යටතේ රඳවා සිටින සියලු සැකකරුවන් නිදහස් කළ යුතු බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

මේ අතර දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡාකිරීමට සූදානම් බවට ජනාධිපතිවරයා ජිනීවාවලදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහිදී මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.

"ජනාධිපතිවරයා කාත් එක්ක සාකච්ඡා කළත් අපි විරුද්ධ නෑ. නමුත් දෙමළ ජනතාවගෙන් තේරී පත්වෙච්ච නියෝජිතයන් අපි. දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න ඕනේ නම් අපිත් එක්ක සාකච්ඡා කරලා තමයි ඒකට විසඳුමක් ගන්න පුළුවන්."



More News
...
Friday, 15 October 2021 - 10:23

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසඟ කළ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි, යූ ටියුබ් සමාජ මාධ්‍ය...   Read more

...
Friday, 15 October 2021 - 10:20

  පෞද්ගලික අංශයේ රැකියා බොහොමයක් පවතින බැවින් තරුණ පිරිසට රැකියා අවස්ථා අහිමි නොවන බවට කම්කරු...   Read more

...
Thursday, 14 October 2021 - 21:28

  කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමින් බෞද්ධ කටයුතු...   Read more

දවසේ වීඩියෝව
logo