Saturday, 25 September 2021 - 20:58
මොඩානා ඉල්ලා සරසවි සිසුන් යකා නටති
...

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.

එන්නත් ලබා ගැනීමට එහි පැමින සිටි විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් මොඩානා එන්නත ඉල්ලා සිටීම හේතුවෙන් මෙම උණුසුම් තත්වය ඇතිවිය.

එම මධ්‍යස්ථානයේ මොඩානා එන්නත ලබා නොදෙන බව හමුදා නිලධාරියෙකු සඳහන් කර තිබුනද සිසුන් පැවසුවේ විශ්ව විද්‍යාල පරිපාලනය විසින් මොඩානා එන්නත යුද හමුදා රෝහලේදී ලඉා දෙන බවට කළ ලිඛිත දැනුම්දීමක් අනුව එම ස්ථානයට පැමිණි බවයි.

එහිදී හමුදා නිලධාරීන් සඳහන් කරන ලද්දේ මොඩානා එන්නත ලබාදී ඇත්තේ විදේශගත වීම සඳහා ගුවන් ගමන් බලපත්‍ර ලබා තිබූ සිසුන්ට බවයි. එහිදී යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබිණි.
 
මේ අතර යුද හමුදාව විසින් ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදෙන්නේ උසස් අධ්‍යපනය සඳහා විදෙස් ගතවන සිසුන්ට පමණක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව අදාළ එන්නත් ලබාගැනීමට නම් විදෙස් ගතවන බවට වූ ලිපිලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්යය වෙයි.

හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ, දේශීය විශ්වවිද්‍යාල සඳහා යන සිසුන්ට මොඩර්නා හෝ ෆයිසර් එන්නත දෙන බවට මෙතෙක් තීරණයක් ගෙන නැති බවය.


More News
...
Friday, 15 October 2021 - 10:23

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසඟ කළ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි, යූ ටියුබ් සමාජ මාධ්‍ය...   Read more

...
Friday, 15 October 2021 - 10:20

  පෞද්ගලික අංශයේ රැකියා බොහොමයක් පවතින බැවින් තරුණ පිරිසට රැකියා අවස්ථා අහිමි නොවන බවට කම්කරු...   Read more

...
Thursday, 14 October 2021 - 21:28

  කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමින් බෞද්ධ කටයුතු...   Read more

දවසේ වීඩියෝව
logo