Sunday, 26 September 2021 - 10:21
වාහන ආනයන සීමා ලිහිල් වෙන දිනය
...


වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

රටට විදේශ විනිමය ගලා ඒම සිදුවන ආකාරය මත ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි ඔහු කියාසිටියේ.

දැනට කොවිඩ් මර්දන එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක බැවින් සංචාරක ව්‍යාපාරය ඉතා කඩිනමින් යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කලා.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ සම්මන්ත්‍රණයකදීයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව කියාසිටියේ.

අපනයනය මූලික වූ කර්මාන්ත ද ඒ හරහා නැවත ආරම්භ කිරීමට හැකි වනු ඇති බව තම විශ්වාසය බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.


More News
...
Friday, 15 October 2021 - 10:23

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසඟ කළ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි, යූ ටියුබ් සමාජ මාධ්‍ය...   Read more

...
Friday, 15 October 2021 - 10:20

  පෞද්ගලික අංශයේ රැකියා බොහොමයක් පවතින බැවින් තරුණ පිරිසට රැකියා අවස්ථා අහිමි නොවන බවට කම්කරු...   Read more

...
Thursday, 14 October 2021 - 21:28

  කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමින් බෞද්ධ කටයුතු...   Read more

දවසේ වීඩියෝව
logo