Sunday, 26 September 2021 - 10:30
බැසිල් - ශ‍්‍රීලනිප සාකච්චාව අවලංගුයි
...


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට සැලසුම් කර තිබුණු සාකච්ඡාවක් අවලංගු කර ඇති බව වාර්තා වනවා.

මෙම රැස්වීම් සාකච්ඡාව පැත්වීමට සූදානම් කර තිබුණේ පැජට් පාරේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේයි.

නමුත් එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නොපැමිණීම හේතුවෙන් එය අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

යුගදනවි බලාගාර ඇමරිකාවට ලබා දීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්චාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමයි.

යුගදනවු බලාගාර ගිවිසුමට පක්‍ෂයක් ලෙස විරෝධය පල කරන බව එම පක්‍ෂය විසින් මෑතකදී දන්වනු ලැබුවා.


More News
...
Tuesday, 22 February 2022 - 18:33

හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි සති අන්තයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ඔහුගේ පෞද්ගලික...   Read more

...
Wednesday, 16 February 2022 - 12:06

ගායක හා ගීත රචක ඉන්දියාවේ ඩිස්කෝ රජු ලෙස විරුදාවලිය ලත් 'බාප්පි ලහිරි' බදාදා අභාවප්‍රාප්ත විය....   Read more

...
Friday, 11 February 2022 - 15:20

බොලිවුඩ් සුපිරි නළු අනිල් කපූර් සහ ඔහුගේ පවුලේ අය දැනට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරති.අනිල් කපූර්ගේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...