Sunday, 26 September 2021 - 11:16
ISIS වට්ස්ඇප් ගෲප් ගැන බුද්ධි අංශ හෙළිදරවුව
...


Whatsapp හරහා හුවමාරු වන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙලෙස හුවමාරු වන Whatsapp පණිවුඩය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම ලිපිය යොමු කිරීමේ අරමුණ වූයේ මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත දැනුම් දී අදාළ පණිවුඩය සම්බන්ධයෙන් සොයා බැලීම බවයි.
 
ISIS සංවිධානය විසින් INTERSCHOOL නමින් වට්ස්ඇප් ගෲප් එකක් නිර්මාණය කොට ඒ සදහා එක්වන ලෙස අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරීම් සිදු කරමින් සිටින බව සඳහන්. ඊට කිසිසේත්ම සම්බන්ධ නොවන ලෙස බස්නාහිර පොලිස් බුද්ධි කොට්ඨාසය මගින් ‌සියලුම පොලිසිවලට දැනුම් දීමක් කර තිබෙනවා.

එම වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වුවහොත් ඉන් ඉවත් වීමේ හැකියාවක්‌ නොමැති බවද එම නිවේදනයේ සඳහන්.
 


More News
...
Tuesday, 22 February 2022 - 18:33

හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි සති අන්තයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ඔහුගේ පෞද්ගලික...   Read more

...
Wednesday, 16 February 2022 - 12:06

ගායක හා ගීත රචක ඉන්දියාවේ ඩිස්කෝ රජු ලෙස විරුදාවලිය ලත් 'බාප්පි ලහිරි' බදාදා අභාවප්‍රාප්ත විය....   Read more

...
Friday, 11 February 2022 - 15:20

බොලිවුඩ් සුපිරි නළු අනිල් කපූර් සහ ඔහුගේ පවුලේ අය දැනට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරති.අනිල් කපූර්ගේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...