Sunday, 03 October 2021 - 10:13
රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට?
...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරනු ඇති බව වාර්තා වනවා.

ඔහු වයඹ පළාතේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ වදිනු ඇති බවයි වාර්තා වන්නේ.

රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇතැම් අවස්ථාවල මැදිහත් වෙමින් සිටින්නේ එම බලාපොරොත්තුවෙන් බවත් පසුගිය දිනක කුරුණෑගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී රෝහල් අඩුපාඩු විමසා ඒවා ලබා දීමත් එහි මුල් පියවරක් යයි ද සඳහන්.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බවත් හිටපු මහ ඇමැති සහ වත්මන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද තමන් මහ ඇමැති ධුරයට ඉදිරිපත්වීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත්තේ ඔහුට ඒ පිළිබඳ ලැබුණු දුරකථන ඇමතුම් රාශියකින් පසුව බවද වාර්තා වුණා.


More News
...
Tuesday, 22 February 2022 - 18:33

හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි සති අන්තයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ඔහුගේ පෞද්ගලික...   Read more

...
Wednesday, 16 February 2022 - 12:06

ගායක හා ගීත රචක ඉන්දියාවේ ඩිස්කෝ රජු ලෙස විරුදාවලිය ලත් 'බාප්පි ලහිරි' බදාදා අභාවප්‍රාප්ත විය....   Read more

...
Friday, 11 February 2022 - 15:20

බොලිවුඩ් සුපිරි නළු අනිල් කපූර් සහ ඔහුගේ පවුලේ අය දැනට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරති.අනිල් කපූර්ගේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...