Monday, 04 October 2021 - 12:46
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයට
...

 

ඕමානයේ පැවැත්වෙන පන්දු වාර 20 තරගාවලියකට සහ ඉන් අනතුරුව විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 23 දෙනෙකු සහ පුහුණුකරුවන් හා නිලධාරීන් 13 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රී 10.30 ට ඕමානයේ මස්කට් නුවර බලා පිටත්ව යාමටයි නියමිත වුයේ.

කෙසේවෙතත් ශාහීන් සුළි කුණාටුව හේතුවෙන් එම ගුවන් ගමන අවලංගු කෙරුණා. ඒ අනුවයි අද දහවල් මෙම ක්‍රීඩකයන් සහ නිලධාරීන් පිරිස රැගත් ඕමාන් ගුවන් සේවයේ යානය මස්කට් නුවර බලා පිටත්ව ගියේ.

ඕමානයට එරෙහි පන්දුවාර 20 තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා ඩුබායි වෙත පැමිනිමට නියමිතයි.



More News
...
Thursday, 02 December 2021 - 1:35

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බදාදා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී කඩුලු හයක් දවාලීමට...   Read more

...
Sunday, 28 November 2021 - 15:14

සිම්බාබ්වේ හි පවත්වන ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයට සහභාගී වූ ශ්‍රී ලංකා...   Read more

...
Friday, 19 November 2021 - 11:34

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර,...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...