Wednesday, 06 October 2021 - 16:03
නිරූපමා නිර්දෝශීයි - ABC හෙලිකළ සුපිරි නිවස
...


තමන් සම්බන්ධයෙන් පැනඩෝරා පත්‍රිකාවල සඳහන් කාරණා ගැන විමර්ශනයක් කරන්නැයි හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාරන් නඩේෂන් මහතා ඉල්ලා සිටිනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින්.

ස්වාධීන විමර්ශන නිලධාරියෙකු හරහා මෙම විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින ඔහු ඒ සඳහා තම උපරිම සහාය ලබාදෙන බව ද සඳහන් කරයි.

මෙම චෝදනා හේතුවෙන් තමන්ට සහ තම බිරිඳ දැඩි මානසික පීඩාවකින් සිටින බවත් ඉන් මිදීම සඳහා පරීක්ෂණ වලින් තමන් නිවැරැදි බව තහවුරු කිරීමට අවශ්‍ය බවත් එහි සඳහන්.

තමන් සහ තම බිරිද සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බවත් කිසිදු වරදකට වරදකරු නොවන බවත් සහතික කර ප්‍රකාශ කර සිටින බවත් ඔහු එම ලිපියෙන් තව දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
 
මේ අතර නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියා විසින් ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදීගත් සුපිරි නිවාස සංකීර්ණය ජාත්‍යන්තර මාධ්‍ය විසින් හෙළිදරව් කළා.

තමන් මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසීමට උත්සාහ කළ ද ප්‍රතිචාර නොදැක්වූ බවයි ABC පුවත්පත වාර්තා කරන්නේ.

පැනඩෝරා පත‍්‍රිකා මගින් චෝදනා එල්ල වී ඇති ඔවුන්ට 2016 වසරේ දී ද මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇතැයි එම වාර්තාවේ දැක්වෙනවා.

අදාල චෝදනා එල්ල වන නඩු කටයුත්ත මෙම වසරේ නොවැම්බර් මාසයේ දී යළි කැඳවන බව ද එම වාර්තාවේ සඳහන්.
 


මේ අතර පැනඩෝරා පත‍්‍රිකා මගින් චෝදනා එල්ල වන පුද්ගලයන් සම්බන්දයෙන් වැඩි දුරටත් තොරතුරු දැක්වෙන එම සම්පූර්ණ වාර්තාව මෙතනින්…
 
https://www.abc.net.au/news/2021-10-05/pandora-papers-four-corners-australian-real-estate/100501062?fbclid=IwAR247FM5ZfvdYtNocTlwYhPGl2187qynKUxyy5NlOufiew0dzJJKIQXcb_8


More News
...
Thursday, 02 December 2021 - 15:19

මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර...   Read more

...
Thursday, 02 December 2021 - 15:04

කඳාන කල්එළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත යුවළක් ඇතුළු...   Read more

...
Thursday, 02 December 2021 - 11:26

 ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ "ෆයිසර්" එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට අද (2) උදෑසන කටුනායක...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...