Thursday, 14 October 2021 - 21:19
සෞඛ්‍ය ඇමතිගෙන් යුනිසෙෆ් නියෝජිතයාට පැහැදිළි කිරීමක්
...

ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ ලොව ඇතැම් දියුූණු රටවල වයස්ගත පුරවැසියන් සඳහා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන විට මෙරට එවැනි වයස්ගත පුරවැසියන් සඳහා ඉහළ අවධානයක් ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

ඇතැම් රටවල් ක්‍රියාත්මක කළ එවැනි වැඩපිළිවෙලවල් හේතුවෙන් එම රටවල අවුරුදු 60 ඉක්ම වූ පිරිස්හි මරණ සංඛ්‍යාව ඉහළ ගිය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මෙරට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගත හැකි වූ බව ඔහු සඳහන් කළා.

යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

මෙරට ක්‍රියාත්මක කළ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල රටෙහි කොවිඩ් පාලනයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාදුන් අතර එමගින් රෝහල්හි අනවශ්‍ය තදබදය වැළකී රෝගීන් අපහසුතාවයෙන් මුදා ගැනීමට හැකි වූ බව ද කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

ගෘහස්ථව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ගෙන් 1.4%ක පමණ අවම පිරිසක් පමණක් රෝහල් කරා යොමු කළ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ වන විට කොවිඩ් පාලනයේ සාර්ථක අදියරකට ශ්‍රී ලංකාව පැමිණ ඇති අතර ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තරික වශයෙන් බොහෝ සහයෝගයක් ලැබුණු බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එමෙන්ම කොවිඩ් පාලනය කෙරෙන අතරතුර රෝගීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ද වඩාත් ඉහළ නැංවීමට හැකිව තිබෙනවා.

ඒ් සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ දක්වා සැමගේ කැප කිරීම ද කෙහෙලිය රඹුක්වැල්ල මහතා අගය කළා.

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වූ කොවිඩ් වසංගතය තුළ කුඩා ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවට එල්ල වූ බලපෑම ප්‍රබල වන අතර, ඒ හැර අනෙකුත් බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමට රටට හැකි වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියසිටියා.

මෙහිදී අදහස් දැක්වූ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් සඳහන් කළේ ඉතා ඉහළ සංවිධානයකින් මෙන්ම කළමණාකරණයකින් යුතුව ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය මේ වන විට සිදු කර ඇති බවයි.

එම සාර්ථකත්වයට ප්‍රසාදය හිමි වන අතර එන්නත්කරණයේ සාර්ථකත්වය මේ වන විට ශ්‍රී ලංකාව ඔප්පු කර ඇතැයි ද ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළා.

සාර්ථක කොවිඩ් පාලනය මෙන්ම ඉදිරියේදී මෙරට දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් පිළබඳව තවදුරටත් අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවයි යුනිසෙෆ් නියෝජිතවරයා වැඩිදුරටත් කියාසිටියේ.


More News
...
Thursday, 02 December 2021 - 15:19

මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර...   Read more

...
Thursday, 02 December 2021 - 15:04

කඳාන කල්එළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත යුවළක් ඇතුළු...   Read more

...
Thursday, 02 December 2021 - 11:26

 ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ "ෆයිසර්" එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට අද (2) උදෑසන කටුනායක...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...