ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් 2021 නොවැම්බර් 10වන දින මස්කට්හි පිහිටි ඕමාන් ජාතික බැංකු (NBO) ශ්‍රවණාගාරයේදී නව සිලෝන් මසාලා තේ සන්නාමය වන “සූ චායි” (Soo Chai) ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී.
“සූ චායි” ලෙස නම් කර ඇති මෙම සිලෝන් මසාලා තේ නිෂ්පාදනය, ශාරීරික සෞඛ්‍යය ඉහළ නංවන ස්වභාවික අමුද්‍රව්‍ය 10කට අධික ප්‍රමාණයක් අන්තර්ගත ගුණාත්මක ලාංකීය කුළු බඩු එක් කරමින් නිෂ්පාදනය කළ, උසස් තත්ත්වයේ සිලෝන් තේ මිශ්‍රණයක් වන අතර එය ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා සීමාසහිත සූ සමූහ ව්‍යාපාරයෙහි නිෂ්පාදනයකි. එමෙන්ම සූ චායි යනු, මසාලා තේ නිෂ්පාදන වෙළඳපොලේ එවැනි ආකාරයෙන් පළමු වරට බිහි වූ නිෂ්පාදනයක් වන අතර, එනසාල්, කුරුඳු, කරාබු නැටි, තරු අසමෝදගම්, සාදික්කා, ගම්මිරිස්, ඉඟුරු, කහ සහ සූදුරු වැනි කුළුබඩු අඩංගු වූ මෙම නිෂ්පාදනය මසාලා තේ කර්මාන්තයේ අද්විතීය පෙරළියක් ඇති කරයි.
සීමාසහිත සූ සමූහ ව්‍යාපාරයෙහි කළමනාකාර අධ්යක්ෂ ශාන් අබේවර්ධන මහතා විසින් මෙම නිෂ්පාදනයේ සෞඛ්‍ය ප්රතිලාභ පිළිබඳ අවධාරණය කරමින් “සූ චායි” නව සන්නාමය හඳුන්වා දෙන ලදී. ඕමාන් ජාතික බැංකු සාමාන්‍යාධිකාරී තාරික් අතීක් මහතා සහ විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ජී. වී. රාමක්‍රිෂ්ණා මහතා ඇතුළු බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. සූ සමූහයේ සම සහකරු ෂෙස්නා සුමනධීර මහත්මිය විසින් සහභාගී වූවන් හට සූ චායි මසාලා තේ පිළිගන්වන ලදී.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඕමාන් වෙළඳපළ තුළ මෙම නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඕමාන් ජාතික බැංකු ව්‍යවසායකයින්, ඕමානයේ ප්රමුඛ පෙළේ අති සුපිරි වෙළඳසැල් ජාලයන් සහ හෝටල් කළමනාකාරීත්වය අතර රැස්වීම් මාලාවක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට සහභාගි වූ අනාගත ආනයනකරුවන් සහ මසාලා තේ රසිකයින් මෙම නිෂ්පාදිතය කෙරෙහි විශාල උනන්දුවක් දැක්වූහ.
ශ්‍රී ලංකා මහ බැංකුව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් සලකා බලමින් “විදේශ...   Read more
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත් කර තිබේ.ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා...   Read more
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් නිල මාර්ග ඔස්සේ දිවයිනට ප්‍රේෂණ යැවීම...   Read more
2022 ජුනි මස 30
කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.