Sunday, 14 November 2021 - 11:34
ඩ්‍රෝන යානයකින් වික්ටෝරියා ජලාශය අවට වීඩියෝ කළ තිදෙනා අත්අඩංගුවට
...
ඩ්‍රෝන යානයක් ගුවන්ගත කර ආරක්ෂක කලාපයන් වූ වික්ටෝරියා වේල්ල, වික්ටෝරියා ජලාශය හා යුද හමුදා සිව්වන බල ඇණියේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කඳවුර ප්‍රදේශවල වීඩියෝ කළ පුද්ගලයින් තිදෙනෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ (13) උදෑසන අදාළ පුද්ගලයින් නිසි අවසරයකින් තොරව ඩ්‍රෝනයක් මගින් වීඩියෝගත කිරීමක් සිදුකර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක්ද සිටී.

ඔවුන් ගොතටුව හා කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (14) ඉදිරිපත් කිරීමට නියමිතය.


More News
...
Thursday, 02 December 2021 - 15:19

මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර...   Read more

...
Thursday, 02 December 2021 - 15:04

කඳාන කල්එළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත යුවළක් ඇතුළු...   Read more

...
Thursday, 02 December 2021 - 11:26

 ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ "ෆයිසර්" එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට අද (2) උදෑසන කටුනායක...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...