Friday, 19 November 2021 - 15:51
‘මිලේනියම්සිටි’හිදී බුද්ධිනිලධාරීන් අත්අඩංගුවට ගැනීම නිතී විරෝධි නැහැ ‘
...

"මිලේනියම් සිටි" හිදී බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව රණවිරුවකු ලෙස තමා ප්‍රකාශ කරන්නේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
එම ස්ථානයේ අවි ආයුධ තබාගෙන සිටීම හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කළ අයථා වැඩක් බව ද පැවසූ මන්ත්‍රීවරයා එය රජයක් පිටින් දමා මඩ ගැසීමට මේ අය හැමදාම උත්සාහ ගත් බවද ප්‍රකාශ කළේය.
හමුදා බුද්ධි අංශ කිසිවක් කිසිදිනක දිග දුර විහිදුම් නොකළ හෙයින් කොළඹට ආර්.පී.ජී, ක්ලේමෝ බෝම්බ ගෙන ඒමට අවශ්‍යතාවක් නොතිබූ බවද ඔහු පැවසුවේය.
ඒවා කළේ විශේෂ බලකාය බවද ෆොන්සේකා මහතා පැවැසීය.
මිලේනියම් සිටි සිද්ධිය වනවිට තමා යාපනය ආඥාපතිවරයා බවත් ඔහු ප්‍රකාශ කළේය.
 මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අද මේ බව පැවසීය.


More News
...
Thursday, 02 December 2021 - 15:19

මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර...   Read more

...
Thursday, 02 December 2021 - 15:04

කඳාන කල්එළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත යුවළක් ඇතුළු...   Read more

...
Thursday, 02 December 2021 - 11:26

 ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ "ෆයිසර්" එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට අද (2) උදෑසන කටුනායක...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...