Friday, 19 November 2021 - 16:03
රන් පවුමක මිල 10000 කින් වැඩිවෙයි
...
ලෝක වෙළඳපොලේ රත්තරන් මිල ඉහළ යාමත් සමග කොළඹ හෙට්ටිවීදිය කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 10000 කට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
මීට මාසයකට පමණ පෙර කැරට් 24 රත්තරන් පවුමක් 106,800 කට ආසන්න මුදලකට අලෙවි කළ ද අද දින මේ වන විට කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 118,000 කට ආසන්න මුදලක් දක්වා ඉහළ ගොස් ඇති බව කී හෙට්ටිවීදිය ප්‍රධාන රත්තරන් ව්‍යාපාරිකයෙකු සඳහන් කළේ ඉදිරියේදී තවදුරටත් රත්තරං මිල ඉහළ යා හැකි බවයි.
ලෝක වෙළඳ පොලේ රත්තරන් මිල ඉහළ යාමත් සමග කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 110,000 කට ආසන්න මුදලක් දක්වා ඉහළ ගොස් ඇති බවත්ය.
ලෝක වෙලද පොලේ රත්තරන් අවුන්සයක් ඇමරිකානු ඩොලර් 1863 කට ආසන්න වී ඇති අතර එම මිල ඇමරිකානු ඩොලර් 2000 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


More News
...
Thursday, 02 December 2021 - 15:19

මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර...   Read more

...
Thursday, 02 December 2021 - 15:04

කඳාන කල්එළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත යුවළක් ඇතුළු...   Read more

...
Thursday, 02 December 2021 - 11:26

 ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ "ෆයිසර්" එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට අද (2) උදෑසන කටුනායක...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...