Thursday, 02 December 2021 - 15:04
කුඩු ජාවාරම් කළ යුවළකට වැඩ වරදී
...
කඳාන කල්එළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත යුවළක් ඇතුළු තිදෙනකු කෝටි ගණනකට වටිනා වාහන , රන් බඩු,හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .

අඹුසැමි යුවළ හා සැකකරු සතුව තිබී⁣ හෙරොයින් ග්‍රෑම් 105, හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට කියන රුපියල් ලක්ෂ 31/2 මුදල, මෝටර් රථය දෙක, වෑන් රථය,ත්‍රිරෝද රථ හයක් , රන්මාල හයක්, රන් පෙන්ඩන්ට් හයක් , මූදු හතක් , අත් පළඳනාවක් , පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් යුවළ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවන් බවත් ඔවුන් කඳාන ප්‍රදේශයේ කුලී නිවසක සිට මෙම හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

එම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගෙන් එළි වූ තොරතුරු අනුව ඔවුන්ට මත්කුඩු ලබාදෙන බව කියන සෙසු සැකකරු මීතොටමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්රෑම් 5ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ කඳාන පොලීසියට,සහ වැල්ලම්පිටිය පොලිසියට බාර දී ඇත.


More News
...
Wednesday, 26 January 2022 - 18:59

බොරැල්ලේ දේවස්ථානයක අත්බෝම්බයක් සොයාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා...   Read more

...
Wednesday, 26 January 2022 - 16:42

කොළඹ යූනියන් පෙදසේ පිහිටි සුපිරි තටිටු නිවාසයක ඉහල මහලේ සිට මහපාරට කසල මුදාහරින අයුරැ අපට මෙසේ...   Read more

...
Wednesday, 26 January 2022 - 12:05

එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ ජනාධිපතිවරයා...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජනවාරි මස11දින සඳහා කාලගුණ අනාවැකිය

    පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතී.

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත්හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...