Saturday, 25 December 2021 - 13:20
විදේශ සේවා නියුක්තිකයන්ගේ ඩොලරයට ගෙවන දීමනාව තවදුරටත් - මහ බැංකුව
...
ශ්‍රී ලංකා මහ බැංකුව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් සලකා බලමින් “විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනට ලබාදෙන එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක් වන දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ මෙරටට ප්‍රේෂණය කර ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කරනු ලබන විදේශ ප්‍රේෂණ සඳහා දැනට ලබා දෙනු ලබන එ.ජ. ඩොලරයකට රුපියල් 8.00 ක් වූ අමතර දිරි දීමනාව තව දුරටත් 2022.01.31 දක්වා අඛණ්ඩව ගෙවීමට තීරණය කරන ලදී.

2021 දෙසැම්බර් මස මේ දක්වා විදේශීය ප්‍රේෂණවල පෙන්නුම් කරනු ලැබූ හිතකර වර්ධනයට ප්‍රතිචාරයන් වශයෙන්, රුපියල් 10.00 ක් වූ මෙම අතිරේක දිරි දීමනාව ඉහත දැක්වූ පරිදි දීර්ඝ කිරීමට තීරණය කරන ලදි.

තවද, විදේශ සේවා නියුක්තිකයන් විසින් විදේශ විනිමය හුවමාරු ආයතන සහ / හෝ බැංකු (exchange houses and/ or banks) හරහා ශ්‍රී ලංකාවට තම විදේශ මුදල් ප්‍රේෂණය කිරීමේදී දැනට එකී ආයතනවලට ගෙවනු ලබන ගාස්තු නිශ්චිත සීමාවකට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැරීමට තීරණය කර ඇත. ඒ අනුව, ඉදිරියේදී විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට හැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් වන, ආරම්භක දිනය ද ඇතුළු, මෙහෙයුම් උපදෙස් ඉදිරියේදී මහ බැංකුව විසින් නිකුත් කරනු ඇත.


More News
...
Tuesday, 14 December 2021 - 16:10

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත් කර තිබේ.ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා...   Read more

...
Sunday, 05 December 2021 - 11:10

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් නිල මාර්ග ඔස්සේ දිවයිනට ප්‍රේෂණ යැවීම...   Read more

...
Wednesday, 01 December 2021 - 20:52

බ්‍රිතාන්‍යයේ උපන්, ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු ජාතික ෂෙමාරා වික්‍රමනායක ඕස්ට්‍රේලියාවේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...