Wednesday, 26 January 2022 - 10:19
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ආරම්භ කිරීම ප්‍රමාදයි
...
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් ජනවාරි 30 වැනිදාට පෙර එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් මිලදී ගැනීම සඳහා පවතින අමෙරිකානු ඩොලර් හිඟය හේතුවෙන් ජනවාරි 03 වැනිදා සිට තාවකාලිකව වසා දැමීමෙන් අනතුරුව හෙට සිට යළිත් වරක් ක්‍රියාත්මක වීමට තීරණය කර තිබුණි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට පැමිණෙන බොරතෙල් නැව්ගත කිරීම යම් ප්‍රමාදයක් අත්විඳිමින් පවතින අතර, තෙල් පිරිපහදුවෙහි මෙහෙයුම් අත්හිටුවීමට හේතු වන බව වාර්තා අනාවරණය කළේය.

ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ලබාදීමේ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව ලබාදුන් සිංගප්පූරුව පදනම් කරගත් බලශක්ති සහ භාණ්ඩ සමාගම විසින් නැව්ගත කරන ලද බොරතෙල් තොගයක් ජනවාරි 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.


More News
...
Wednesday, 25 May 2022 - 11:44

ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා...   Read more

...
Saturday, 21 May 2022 - 8:34

භානුක රාජපක්‍ෂ යළි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කැඳවා තිබේ.ඒ, එළඹෙන ඕස්ට්‍රේලියානු තරග...   Read more

...
Tuesday, 17 May 2022 - 19:25

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...