Wednesday, 26 January 2022 - 10:30
මූල්‍ය වංචාවකින් පසු අගමැති ලේකම්වරයෙක් නෙරපා හරියි
...
අග්‍රාමාත්‍යවරයාගේ බැංකු ගිණුමෙන් රුපියල් කෝටි තුනකට අධික මූල්‍ය වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ල වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස පසුගිය වසරේ පත් කෙරුණු එක් ලේකම්වරයෙකු එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම නිලධාරියා අගමැතිවරයා විපක්ෂ නායකවරයාව සිටියදී වසර කිහිපයක් ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇති අතර ඔහුට රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යනු ලබන අගමැතිවරයාගේ එක් බැංකු ගිණුමකට ප්‍රවේශ විය හැකි ATM කාඩ්පතක් ලබාදී ඇත. මෙම ලේකම්වරයා හිටපු ප්‍රධානපෙලේ දේශපාලඥයකුගේ පුතකු බවයි වාර්තා වන්නේ

රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී ඔහුගේ වැටුප තිබූ මෙම ගිණුමෙන් මෙම ATM කාඩ්පත හරහා අදාළ නිලධාරියා මුදල් ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේ වෙතත් මෙම වංචාව පිළිබඳව දැනගත් වහාම ක්‍රියාත්මක වන පරිදි ලේකම්වරයා ධූරයෙන් පහකර ඇත. ආරංචි මාර්ග තවදුරටත් සදහන් කරන්නේ මොහු විසින් එම මුදල් නැවත ලබා දීමට පොරොන්දු වී ඇති බවය.


More News
...
Wednesday, 25 May 2022 - 11:44

ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා...   Read more

...
Saturday, 21 May 2022 - 8:34

භානුක රාජපක්‍ෂ යළි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කැඳවා තිබේ.ඒ, එළඹෙන ඕස්ට්‍රේලියානු තරග...   Read more

...
Tuesday, 17 May 2022 - 19:25

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 පෙබරවාරි මස24දින සඳහා කාලගුණ අනාවැකිය

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු, උතුරු-මැද පළාත්වලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දවසේ කාටුනය
    ...