මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉවත් වන ලෙස දන්වා ඇති බවට පළ වන පුවත් සම්පූර්ණ අසත්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් මගින් පවසයි.
ජනාධිපති රාජපක්ෂ මහතා තවදුරටත් පැවසුවේ “මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි මාගේ උපරිම විශ්වාසය ඇති අතර, රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රබල ශක්තියක් ලෙස ඔහු ක්‍රියාකරයි.” IMF දූත පිරිස, නිලධාරීන් ගැන සාකච්ඡා නොකළ අතර, මහ බැංකු අධිපති කබ්රාල් මහතා ද සහභාගි වූ එම හමුවේ දී සාකච්ජාවට ලක් වූයේ මුල්‍යමය ගැටළු පිළිබඳ පමණි.
මෙවැනි අසත්‍ය සහ ව්‍යාජ වාර්තා වලින් අධෛර්යයට පත් නොවන ලෙසත්, අප රටේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් අඛණ්ඩව ඉටුකරගෙන යන ලෙසත් මම මහ බැංකු අධිපති කබ්රාල් මහතා වෙත පෞද්ගලිකව දන්වා ඇත, එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය ලබන බ්‍රහස්පතින්දා අවසන් වීමට නියමිත...   Read more
යල කන්නය සඳහා ආනයනය කරන යූරියා පොහොර තොගයෙන් රුපියල් මිලියන ගණනක අතයට ගනුදෙනුවක් සිදුවන බවට තොරතුරු...   Read more
ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී...   Read more
2022 ජුනි මස 24 -
වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව කියයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද පැවසේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ.