Friday, 18 March 2022 - 17:11
ජනතා විරෝධය හේතුවෙන් යතුරුපැදි පෙළපාලිය අවලංගු කෙරේ
...
"ස්පින් රයිඩර් ක්ලබ්" නම් පෞද්ගලික යතුරුපැදි සමාජයක් විසින් මීරිගම සිට කල්පිටිය හරහා අනුරාධපුරය දක්වා සංවිධානය කර තිබූ තෙදින යතුරුපැදි පෙළපාලිය ජනතා විරෝධය හේතුවෙන් පොලිසිය විසින් අවලංගු කර තිබේ.

මහරගම අපේක්ෂා රෝහලට මුදල් පරිත්‍යාග කිරීම සහ කල්පිටිය ප්‍රදේශයේ පාසල් සිසුන්ට පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ උත්සවයට සමගාමීව මෙම පෙළපාලිය පැවැත්වීමට එම සමාජය අවසර ඉල්ලා ඇත.

පුණ්‍ය කටයුත්තක් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කරන ලද ඉල්ලීමක් බැවින් කොන්දේසිවලට යටත්ව සහ රජයේ ගාස්තු අයකරමින් අවසර ලබාදුන් බව ඔවුහු පැවසූහ.

කෙසේ වෙතත්, මහජන විරෝධය සහ එකඟ වූ කොන්දේසි කඩකිරීම හේතුවෙන් කල්පිටියේ සිට අනුරාධපුරය දක්වා පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලිය අවලංගු කර ඇති බව පොලීසිය පවසයි.


More News
...
Saturday, 25 June 2022 - 9:36

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය ලබන බ්‍රහස්පතින්දා අවසන් වීමට නියමිත...   Read more

...
Saturday, 25 June 2022 - 6:57

යල කන්නය සඳහා ආනයනය කරන යූරියා පොහොර තොගයෙන් රුපියල් මිලියන ගණනක අතයට ගනුදෙනුවක් සිදුවන බවට තොරතුරු...   Read more

...
Friday, 24 June 2022 - 8:43

ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 24 -
     වැසි තත්ත්වයේ වැඩිවීමක්
    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව කියයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද පැවසේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ.

    දවසේ කාටුනය
    ...