Saturday, 19 March 2022 - 14:42
ලෝකයේ සතුටින්ම සිටින ජනතාව අතර ශ්‍රී ලංකාව 127 වැනි ස්ථානයට
...
එක්සත් ජාතීන්ගේ 2022 වාර්තාවක් (2022 World Happiness Report) අනුව ලෝකයේ සතුටින්ම සිටින ජනතාව අතර ලංකාව 127 වන ස්ථානයට පත්ව ඇති අතර ෆින්ලන්තය ලොව සතුටින්ම සිටින රට ලෙස නම් කර ඇත.
පසුගිය වසරේ ලෝක සතුට වාර්තාවේ රටවල් 149ක් අතරින් ශ්‍රී ලංකාව 129 වැනි ස්ථානයේ පසුවිය.
ඇෆ්ගනිස්තානය අන්තිමයා ලෙස ශ්‍රේණිගත කර ඇති දර්ශකයේ, ආර්ථික කඩාවැටීමකට මුහුණ දී සිටින ලෙබනනය සිම්බාබ්වේට මදක් පහළින් රටවල් 146 ක දර්ශකයේ අවසන් ස්ථානයේ සිට දෙවන ස්ථානයට වැටුණි.
ලැයිස්තුවේ 121 වන ස්ථානයේ සිටින පකිස්ථානයට වඩා පහළින් ඉන්දියාව 136 වන ස්ථානයේ සිටී. නේපාලය 84 වැනි ස්ථානයේ ද, බංග්ලාදේශය 94 වැනි ස්ථානයේ ද, පකිස්ථානය 121 වැනි ස්ථානයේ ද පසුවෙති. පළමු 20 දෙනා අතරට ආසියානු රටවල් නොමැත.


More News
...
Saturday, 25 June 2022 - 9:36

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය ලබන බ්‍රහස්පතින්දා අවසන් වීමට නියමිත...   Read more

...
Saturday, 25 June 2022 - 6:57

යල කන්නය සඳහා ආනයනය කරන යූරියා පොහොර තොගයෙන් රුපියල් මිලියන ගණනක අතයට ගනුදෙනුවක් සිදුවන බවට තොරතුරු...   Read more

...
Friday, 24 June 2022 - 8:43

ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 24 -
     වැසි තත්ත්වයේ වැඩිවීමක්
    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව කියයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද පැවසේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ.

    දවසේ කාටුනය
    ...