Sunday, 20 March 2022 - 10:11
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කරයි
...
විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීභාවයට ඉඩ හැරීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට විනිමය අනුපාතිකය, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම් දිරි ගැන්වීම සඳහා ලබාදුන් දිරි දීමනා මට්ටම ඉක්මවා ගොස් ඇති බව පෙනන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කල නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, පවතින විනිමය අනුපාතිකය මගින් විදේශගත ශ්‍රමිකයින්ගේ විදේශ විනිමය ප්‍රේෂණ සඳහා ඉහළ ප්‍රතිලාභයක් මෙන්ම, අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා ඉහළ රුපියල් අගයක් ලැබෙනු ඇත. මෙම මෑතකාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇත.

නවතම නිල දත්තවලට අනුව, 2022 වසරේ මාර්තු මාසයේදී, විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන ඉහළයෑම හේතුවෙන්, විදේශගත ශ්‍රමිකයන් සහ අපනයනකරුවන් විසින් විධිමත් මාර්ග හරහා විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමෙහි සැලකිය යුතු වර්ධනයක් දැනටමත් පෙන්නුම් කර ඇත.


More News
...
Saturday, 25 June 2022 - 9:36

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය ලබන බ්‍රහස්පතින්දා අවසන් වීමට නියමිත...   Read more

...
Saturday, 25 June 2022 - 6:57

යල කන්නය සඳහා ආනයනය කරන යූරියා පොහොර තොගයෙන් රුපියල් මිලියන ගණනක අතයට ගනුදෙනුවක් සිදුවන බවට තොරතුරු...   Read more

...
Friday, 24 June 2022 - 8:43

ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 24 -
     වැසි තත්ත්වයේ වැඩිවීමක්
    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව කියයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද පැවසේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ.

    දවසේ කාටුනය
    ...