Wednesday, 25 May 2022 - 11:44
ඒ සැරේ ඩලස් පටන් ගනියි !
...
ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසූ ස්වාධීන පක්ෂවල සන්ධානයේ නායකයා බවට පත් කිරීමට යන්නේ ඩලස් අලහප්පෙරුම මහතා බව වාර්තා වේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසන්නේ, ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහය වෙනම පෙරමුණකින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා වශයෙන් සිය සන්ධානය තවදුරටත් පුළුල් කරගැනීම සඳහා අනෙකුත් පක්ෂ වල මන්ත්‍රීවරුන් සමග මේ වන විට සාකච්ඡා ආරම්භ ආරම්භ කර ඇති බව ඔහු පවසයි.

”අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ම අගය කරන කණ්ඩායමක්. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ අරමුණින් වෙනම පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

සිය කණ්ඩායම, සමගි ජන බලවේගය විසින් මේ වන විට ගැසට් කර තිබෙන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද පක්ෂව ඡන්දය ලබා දීමට බලාපොරොත්තු වන බව වාසුදේව නානායක්කාර පවසයි.

විධායක බලතල රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක බවට තම කණ්ඩායම විශ්වාස කරන නිසා මෙම තීරණය ගත් බව ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

මෙම කණ්ඩායම ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වන විට පක්ෂ 11ක් ලෙස ඉවත් වූවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම කණ්ඩායමෙන් ඉවත් වූ නිසා එම එකතුවේ දැන් සිටින්නේ පක්ෂ 10කි.

මේ අතර, පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 නියෝජනය කරන එක්සත් මහජන පක්ෂයේ ලේකම්වරයා වන ටිරාන් අලස් මහතා පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී වැඩ බාර ගත්තේය.


More News
...
Saturday, 25 June 2022 - 9:36

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය ලබන බ්‍රහස්පතින්දා අවසන් වීමට නියමිත...   Read more

...
Saturday, 25 June 2022 - 6:57

යල කන්නය සඳහා ආනයනය කරන යූරියා පොහොර තොගයෙන් රුපියල් මිලියන ගණනක අතයට ගනුදෙනුවක් සිදුවන බවට තොරතුරු...   Read more

...
Friday, 24 June 2022 - 8:43

ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 24 -
     වැසි තත්ත්වයේ වැඩිවීමක්
    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව කියයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද පැවසේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ.

    දවසේ කාටුනය
    ...