Wednesday, 22 June 2022 - 6:38
තිස්වසරකට පසු අර්ජුන කළ වැඩේ දසුන් කරයි!
...
ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ එම තරගාවලියේ ඊයේ (21) පැවති සිව්වැනි එක්දින තරගය ලකුණු 4කින් ජයගැනීමත් සමඟය.

ශ්‍රී ලංකා පිල මේ තරගාවලිය ජයගනු ලැබුවේ තවත් තරගයක් ඉතිරිව තිබියදීය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවට එරෙහිව අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලියක් ජයග්‍රහණය කර තිබුණේ 1992 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙනි.

දසුන් ශානකගේ නායකත්වයෙන් පිටියට පිවිස තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 258ක් පමණි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ චරිත් අසලංක සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 110ක් රැස්කිරීමට සමත්විය.

ඔහුට අගනා සහායක් ලබාදුන් ධනංජයද සිල්වා ලකුණු 61ක් රැස්කළේය.

ලකුණු 259ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 50කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 254ක් පමණි.

ඩේවිඩ් වෝනර් ලකුණු 99ක් රැස්කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය, වැන්ඩසේ හා චාමික කඩුලු දෙක බැගින් දවාගත්හ.



More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...