Wednesday, 22 June 2022 - 13:54
රටට වැඩක් කරන්න තමයි මම ආවේ - ධම්මික
...
ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධමිම්ක පෙරේරා මහතා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (22) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මහතා ඉදිරියේ ධුරයේ දිවුරුම් දුන්නේ ය.

ධමිම්ක පෙරේරා එලෙස දිවුරුම් දුන්නේ, බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි.

ඔහු මෙසේ දිවුරුම්දෙනු ලැබුවේ ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) නියෝග කිරීමත් සමඟය.

මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට පෙර ධම්මික පෙරේරා මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සහ බදු නිෂ්කාශණ වාර්තා කථානායකවරයා වෙත භාර දී තිබේ.

පාර්ලිමේන්තුවෙන් පිටත පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධම්මික පෙරේරා මේ බව කියා සිටියේය.

"රටට වැඩක් කරන්න තමයි මම මෙතෙනට ආවේ. මම පාර්ලිමේන්තුවේ දිව්රුම් දෙන්න ඉස්සරවෙලා. මගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන්නා කථානායකතුමාට. ඒ වගේම මගේ ටැක්ස් ක්ලියරන්ස් සහතිකයත් මම ලබාදුන්න කථානායකතුමාට. මම හිතනවා එතනින්ම වෙනසක් සිදුවෙයි කියලා. රටට ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි පාර්ලිමේන්තුවට ආවේ. දැන් ප්‍රශ්නයට විසඳුම් හොයන එක තමයි මගේ කාර්ය භාරය වෙන්නේ. මම හිතනවා මට ඒක කරලා ජයගන්න පුළුවන් වෙයි කියලා. මම හිතනවා හොඳ අමාත්‍යාංශයක් භාර දෙයි කියලා. ඉතින් කොහෙම වුණත්, මගේ දායකත්තවය මම සම්පූර්ණයෙන්ම රටට ගැන බලලා තියෙන නිසා මට කොයි අමාත්‍යාංශයක් ලැබුණත් මට ඒකට දායකත්වය ලබාදෙන්න, වගකීම භාරගන්න තමයි මම ඇත්තටම ආවේ. අභියෝග තියෙන කොට එන එකේ ලස්සන තියෙනවා. ඒ කියන්නෙ ගඟක් වුණත් ගලනකොට දි ඇළිනේ ලස්සන."



More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...