Friday, 24 June 2022 - 8:43
ඔසීලාට ස්තූතියි කියන්න ක්‍රිකට් සේවකයොත් කහ අදියි!
...
ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට කහ වර්ණයෙන් සැරසී අද (24) තරගයේ රාජකාරී සඳහා පැමිණෙන ලෙසට එම ආයතනය ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ.

"අපිට ඉතාමත් ආඩම්භරයක් සහ සන්තෝෂයක් අපි බලාපොරොත්තු වුනාට වඩා සාර්ථකව මේ තරගාවලිය පැවැත්වීමට අපිට හැකි වුණා. ඒ නිසා මම ස්තූති කරන්න ඕන අපේ ක්‍රීඩා ලෝලීන්ට ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ පැමිණීම විශේෂයෙන්ම, අපි ගහපු මැච් 7ම ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගියා ප්‍රේක්ෂකයින්ගෙන්. ඒක ලොකු ආඩම්භරයක් අපිට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදියට කහ ඇඳුමින් සැරසිලා එන එකට අපේ සහයෝගය දෙන්න අපි තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම කියල තියෙනවා අපේ කාර්ය මණ්ඩලයට කහ ඇඳුමින් සැරසී අනිත් අයට සහයෝගය දෙන්න කියලා. ප්‍රථමයෙන්ම ඒක පටන්ගත්ත අයට ස්තූතිවන්ත වෙන්න ඕන ඒ වගේ අදහසක් ඔවුන්ට ඇවිල්ලා ඒ වගේ ප්‍රතිචාරයක් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දෙන්න තීරණය කිරීම ගැන."

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.

තරඟය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර එක්දින තරගාවලිය මේවන විටත් 3-1 ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම ජයගෙන තිබේ.

ඒ අනුව වසර 30කට පසු සිය මව්බිමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන සමත්ව ඇති අතර අවසන් වරට ශ්‍රි ලංකාවේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින තරගාවලියකින් පරාජයට පත් කිරිමට සමත්ව ඇත්තේ 1992 වසරේදීය.


More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...