Saturday, 25 June 2022 - 9:36
මහ බැංකු මහ පුටුව දිනේෂ වීරක්කොඩිට!; ඉන්දීය ණය කොට උඩ
...
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය ලබන බ්‍රහස්පතින්දා අවසන් වීමට නියමිත අතර ඉන් පසුව එම ධූරයට නව අධිපති ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා නම් කළ යුතුය යන දැඩි ස්ථාවරයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුවන බව "නිවුඩේ" වෙත වාර්තා වේ.

කෙසේවුද, මේ අතර වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය තවත් වසර හයකින් දීර්ඝ කිරීමට ජනධිපතාවරයාගේ පාර්ශවයකින් යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර එයට අගමැතිවරයා හරස්වී ඇති බව පැවසේ.

මේ පිළිබඳ කතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර සහ සුදත් මංජුල යන මහත්වරු පසුගිය බ්‍රහස්පතින්දා සවස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී තිබේ.

‘‘ඔබතුමාගේ කාලය දීර්ඝ කිරීමට බාධාවක් තිබෙනවාදැයි’’ එහිදී මන්ත්‍රිවරු දෙපල විමසා ඇත.

ඊට පිළිතුරු දුන් නන්දලාල් මහතා ‘‘මට සේවා දිගුවක් ලැබෙයි. අගමැතිතුමාගේ නිර්දේශය ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් පවසා ඇත.

ඉන්දීය ණය කොට උඩ

කෙසේවෙතත් ඉන්දීය ණය ආධාර ලැබීම ගැනද මෙහි දී කතා බහ කළද එම ආධාර නොලැබෙන බව මහ බැංකු අධිපතිවරයා තහවුරු කර ඇති බවද වාර්තා වේ.

ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ණය පහසුකම් තවදුරටත් ලබා දීමට පොරොන්දු නොවන බව ඉන්දීය නියෝජිත පිරිස ලක් රජයට දැනුම් දී ඇති බව නිවුඩේ වෙත වාර්තා වේ.

ඉන්දියාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති අගමැති සමග සාකච්ඡාවේදී ඉන්දීය ණය පහසුකම් යටතේ ඇමරිකා ඩොලර් මිලියන දහසක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයටද, ඇමරිකා ඩොලර් මිලියන 500ක් ඉන්ධන ආනයනය කිරීම සඳහා ලබා ගැනීමටද සැලසුම් කර තිබුණි.

එහෙත් විශේෂ නියෝජිත කණ්ඩායම ණය පහසුකම් ලබා දීමට වඩා ලබා දුන් ණය ආපසු ලබා ගැනීම කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇති බව පැවසේ.


More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...