Saturday, 25 June 2022 - 10:08
ටොයොටා වාහනවල රෝද බුරුල්වෙන ලෙඩක්!
...
මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස සැලකෙන ටොයෝටා සමාගම ඔවුන් මෑතකදී නිපදවූ විද්‍යුත් මෝටර් රථ සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත්තේ එම සමාගම මෑතකදී නිෂ්පාදනය කළ සම්පුර්ණයෙන් ම විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථය හා එහි සම්පූර්ණ ප්‍රමාණයේ පිකප් ට්‍රක් රථ 2,700ක් මිලදීගත් අයගෙන් නැවතවරක් කැඳවීමට ටොයෝටා සමාගම තීරණය කර ඇති බවය.

එම සමාගම Toyota BZ4X විදුලි SUV රථ හිමියන්ට අනතුරු ඇඟවා ඇත්තේ ඒවායේ රෝද ගැලවී යා හැකි බැවින් ඒවා ධාවනය කිරීම නවත්වන ලෙසයි.

ටොයොටා හි නිවේදනයට අනුව BZ4X හිමිකරුවන් වහාම වාහන පැදවීම නතර කළ යුතුය.

ඒ එම මෝටර් රථයේ රෝද රඳවා තබා ඇති බෝල්ට් ලිහිල් විය හැකි අතර එමඟින් රෝද වෙන් වීමට ඉඩද ඇති බැවිනි.

මෙය සිදු විය හැක්කේ ඇයි සහ කුමන ආකාරයේ තත්වයන් යටතේද යන්න ටොයටා තවමත් විමර්ශනය කරමින් සිටින බවද පැවසේ.


එම විද්‍යුත් මෝටර් රථ මීට මාස දෙකකට පමණ පෙර එළිදක්වන ලදී.

මේ අතර, සුබාරු සමාගම ද ටොයෝටා සමාගම සමග එක්ව නිපදවූ විද්‍යුත් මෝටර් රථ 2,600ක් නැවත කැඳවීමට එම තීරණය කර ඇත.


More News
...
Wednesday, 29 June 2022 - 19:15

චීනය වෙත ගමන් කරන්නන්ට එරටට ඇතුළුවීමෙන් පසුව මෙතෙක් පණවා තිබූ නිරෝධායන කාල සීමාවන් කෙටි කිරීමට...   Read more

...
Monday, 27 June 2022 - 4:41

ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පා ව්‍යසනයෙන් පසු, චීන රජය ඇෆ්ගනිස්ථානයට යුවාන් මිලියන 50 ක (එක්සත් ජනපද ඩොලර්...   Read more

...
Tuesday, 21 June 2022 - 6:02

ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 59 දෙනෙකුට වැඩි ප්‍රමාණයක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...