Sunday, 26 June 2022 - 11:54
නිමල් - චාමර UNP යට !
...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම දේශපාලනඥයන් දෙදෙනකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හා චාමර සම්පත් දසනායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට වාර්තා පැතිර තිබේ.

මේ සම්බන්ධයෙන් දේශය පුවත්පතද වාර්තා කර තිබිණි.

ඒ මෙසේය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම දේශපාලනඥයන් දෙදෙනකු ළඟදීම එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි. දිවයිනේ ඈත කඳුකර දිස්ත්‍රික්කයක් නියෝජනය කරන මෙම දේශපාලනඥයන් දෙදෙනාම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ වෙති.

එක් අයෙක් දිගු කලක් කැබිනට් අමාත්‍ය පදවි රැසක් දැරූවෙකි. අනෙක් තැනැත්තා පළාත් සභා ප්‍රධාන අමාත්‍ය තනතුරු ඇතුළු ඉහළ තනතුරු ගණනාවක් දැරූ අයෙකි."

මේ අතර, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ශ්‍රීලනිප සියලු තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවමින් අධිකරණය ලබා දුන් නියෝගයෙන් පසු පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පෞද්ගලික හමුවක් පක්ෂ මූලස්ථානයේදී පසුගියදා සිදුව තිබිණි.

මෙම හමුව සඳහා ශ්‍රීලනිපයේ කිසිදු නිලධාරියකු සම්බන්ධ වී නොසිටි බවද වාර්තා විය.

එම හමුවේදී ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට මහතා පවසා ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල සභා අමාත්‍ය මහින්ද අමරවීර පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් නොකරන බවය.

මේ අතර, ශ්‍රීලනිපය ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මාධ්‍යට පවසා තිබුණේ ශ්‍රීලනිපය විනාශ කිරීම සඳහා ඇතැම් මධ්‍යම කාරක සභිකයන් විසින් ඔවුන් දෙදෙනා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කරන ලෙස කරන ලද දැඩි බලපෑම් නිසා එසේ සිදු කළ ද දෙකඩ වීමට නියමිත පක්ෂය යළි එක්සත් කිරීම සඳහා ඔවුන් දැරූ තනතුරු යළි ලබාදී ශ්‍රීලනිපයට එක්කර ගැනීමට නියමිත බවය.


More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...