Monday, 27 June 2022 - 4:41
චීනයෙන් ඇෆ්ගන්ස්ථානයට යුවාන් මිලියන 50ක්!
...
ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පා ව්‍යසනයෙන් පසු, චීන රජය ඇෆ්ගනිස්ථානයට යුවාන් මිලියන 50 ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 7.46 ක් පමණ) හදිසි මානුෂීය ආධාර ලබා දීමට තීරණය කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ප්‍රකාශ කළේය.

ප්‍රකාශක වැන්ග් වෙන්බින් මේ බව ප්‍රකාශ කළේ ඇෆ්ගනිස්ථානයට චීනයේ හදිසි මානුෂීය ආධාරවල ප්‍රගතිය පිළිබඳ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි.

බදාදා ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාව වසර 20 කට වැඩි කාලයක් තුළ එරටට බලපෑ බරපතළම භූමිකම්පාව සේ සැලැකේ.

එය අවම වශයෙන් මරණ 1,500 ක් සහ තුවාල 2,000 කට වැඩි ප්‍රමාණයක් ඇති කර ඇති අතර ඉන් නිවාස 3,000 කට වඩා විනාශ වී ඇති බව වැන්ග් පැවසීය.

ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බවද ඔහු කීය.

චීනය විසින් සපයනු ලබන ආධාරවලට ඇෆ්ගන් ජනතාවට හදිසි අවශ්‍ය වන කූඩාරම්, තුවා, නැමීමේ ඇඳන් සහ අනෙකුත් ද්‍රව්‍ය ඇතුළත් වන බව ඔහු පැවසීය.

පළමු ආධාර කණ්ඩායම හෙට (ජුනි 27) විශේෂ ගුවන් යානයකින් යැවීමට නියමිතය.

මීළඟ පියවරේදී, අවශ්‍යතා ඇති අයට සහන සැපයුම් හැකි ඉක්මනින් ලබා දීම සහතික කිරීම සහ ඇෆ්ගන් ජනතාවට ඔවුන්ගේ වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර කිරීම සඳහා චීනය ඇෆ්ගන් අන්තර්වාර රජය සමඟ සමීපව සම්බන්ධීකරණය කරනු ඇති බව වැන්ග් පැවසීය.



ඇෆ්ගනිස්ථානය ගැන බිඳක්..
  • තලේබාන්වරු රට පාලනය කරති: එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා සන්ධානයක් විසින් නෙරපා හැරීමෙන් වසර 20 කට පමණ පසු දැඩි මතධාරී ඉස්ලාම්වාදීන් පසුගිය වසරේ ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගත්හ.
  • ආහාර අර්බුදයක් තිබේ: තලේබාන් සංවිධානය බලයට පත්වීමෙන් අනතුරුව විදේශ ආධාර සහ මුල්‍ය හිඟය නිසා මිනිසුන්ගෙන් තුනෙන් එකකට වඩා මූලික අවශ්‍යතා සපුරාලීමට නොහැකිව ආර්ථික අරගලයකට මැදිව සිටියි.
  • කාන්තා අයිතිවාසිකම් සීමා කර ඇත: ඔවුන්ට ප්‍රසිද්ධියේ මුහුණු ආවරණය කරන ලෙස නියෝග කර ඇති අතර නව යොවුන් වියේ ගැහැණු ළමයින්ට පාසල් යාමට ඉඩ නොදෙයි.
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මිරර්


More News
...
Wednesday, 29 June 2022 - 19:15

චීනය වෙත ගමන් කරන්නන්ට එරටට ඇතුළුවීමෙන් පසුව මෙතෙක් පණවා තිබූ නිරෝධායන කාල සීමාවන් කෙටි කිරීමට...   Read more

...
Saturday, 25 June 2022 - 10:08

මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස සැලකෙන ටොයෝටා සමාගම ඔවුන් මෑතකදී නිපදවූ විද්‍යුත්...   Read more

...
Tuesday, 21 June 2022 - 6:02

ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 59 දෙනෙකුට වැඩි ප්‍රමාණයක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...