Monday, 27 June 2022 - 18:52
ශවේන්ද්‍රගේ තෙල් ටෝකන්එකට නාඔටුන්න හරහට හිටියි!
...
ත්‍රිවිධ හමුදාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති ඉන්ධන ලබාගැනීමේ ‘ටෝකන්’ පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයට දැඩි විරෝධය පළකරන බවත් මෙම ‘ටෝකන්’ ක්‍රමය ඉතාමත් අසාර්ථක ක්‍රමයක් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (27) පස්වරුවේ පැවසීය.

මෙම ‘ටෝකන්’ සැබෑ ඉන්ධන අවශ්‍යතාව ඇති ජනතාවට නොලැබෙන බව කී නාඔටුන්න මහතා පෝලිම්වල කාලය ගතකර ඉන්ධන ලබාගැනීමට පුරුද්දක් කරගත් පිරිසකට පමණක් ලැබෙන අවස්ථාවක් බව ද සඳහන් කළේය.

පෝලිම්වල ඉන්න පුද්ගලයන්ට කිසිඳු ක්‍රමවේදයකින් තොරව ‘ටෝකන්’ පතක් දුන් පසුව ඔවුන්ට තවත් පිරවුම්හලකට ගොස් ‘ටෝකන්’ පතක් ලබාගැනීමේ හැකියාව ඇති බවත් ඉන්ධන පිරවුම්හල්වල අනසක පතුවාගෙන සිටින මැර කණ්ඩායම් එම ‘ටෝකන්’ ලබාගනු ඇති බවත් කපිල නාඔටුන්න මහතා වැඩි දුරටත් කීය.

මේ අතර, බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවේදී විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසුවේ ආරක්‍ෂක මණ්ඩලය පසුගියදා රැස්වූ අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාව යොදාගෙන පෝලිම්වල සිටින ජනතාවට ‘ටෝකන්’ පතක් දී විස්තර ලබාගැනීමට කටයුතු කරන්න යැයි පැවසුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා බවයි.


More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...