Tuesday, 28 June 2022 - 6:54
දකුණේ කුලී ඝාතන කරන අභිරහස් වෙඩික්කරු SF සෙබලෙක්!
ගතවූ සති තුනක කාලය තුළ පුද්ගලයන් 18 දෙනකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව පොලිස් වාර්තා මගින් අනාවරණය වී තිබේ.
මැයි 30 වැනිදා සිට ඊයේ (27) තෙක් කාලය තුළ මෙම ඝාතන සිදුව ඇත.
බස්නාහිර හා දකුණු පළාත් ආශ්‍රිතව සිදුවූ මේ ඝාතන රැසක් මෙහෙයවා ඇත්තේ ඉකුත් මහ මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයකින් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ පාතාලයේ අපරාධකරුවක් බව මේවන විට හෙළිව තිබේ.
ඔහු යුද හමුදා විශේෂ බළකායෙන් පළාවිත් සිටින සෙබලෙක් කුළී ඝාතකයෙක් ලෙස යොදාගෙන ඝාතන කරමින් සිටින බවට මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් සොයාගෙන තිබේ.
ඉකුත් මහා මැතිවරණයේදී හරක්කටා නමැති මත්කුඩු ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙක් මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇති අතර "සුරතලා" නමින් හඳුන්වන එක් ගෝලයෙක් තංගල්ලේදී සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
හරක් කටාගේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවෙක් වූ පුද්ගලයකු ඝාතනය කිරීමට වෙඩික්කරුට ගමන් කිරීමට පහසුකම් සපයා ඇත්තේ ද "සුරතලා" නම් වූ පුද්ගලයා බව හඳුනාගෙන ඇත.
තංගල්ලේදී ඝාතනය වූ පුද්ගලයා හරක් කටාගේ මත්කුඩු කිලෝ 300කට වැඩි ප්‍රමාණයක් බහුදින යාත්‍රාවකින් ප්‍රවාහනය කිරීමට ද සම්බන්ධ වී ඇති අයෙකි.
එම මත්කුඩු තොගය සමඟ ඔහු මහ මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව කළ වැටලීමකදී 2019 වසරේදී අත්අඩංගුවට ද පත්ව තිබේ.
පසුව ඔහු අදාළ නඩුවේ සාක්ෂිකාරයෙක් වී ඇත.
කුළි ඝාතකයා ලෙස කටයුතු කරන හමුදා සෙබලා කොළඹට නුදුරු ප්‍රදේශයක පදිචිකරුවෙකි.
එම සෙබලා පාතාලයේ අභිරහස් ඝාතකයෙක් ලෙස කලක සිට කටයුතු කරන අයෙක් බව මේ වන විට හඳුනාගෙන ඇත.
එම සෙබලාව යොදා කෙරෙන ඝාතන මෙහෙයවන්නේ චන්ද්‍රිකා තාක්ෂණ දුරකතනයක් භාවිතකරමින් බවට තොරතුරු හෙළිවෙමින් තිබේ.
එම සෙබලාව මෙහෙයවන හරක්කටාගේ ප්‍රධාන ගෝලයා ද මේ වන විට අතුරුදහන්ව සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පසුගිය දිනවල සිදුවූ අභිරහස් මිනී මැරුම් හෙළිකර ගැනීමට පොලිසියට මොහු අත්අඩංගුවට ගැනීම අත්‍යවශ්‍ය වී ඇතැයි ද පැවසේ.