Tuesday, 28 June 2022 - 13:05
ආණ්ඩුවට මාධ්‍ය අත්‍යවශ්‍ය නෑ; තෙල් නොදෙනේ මර්දනයටද?
...
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කරන්නේ අත්‍යාවශ්‍ය සේවා වලට පමණක් මේවන විට ඉන්ධන නිකුත් කිරීම සිදුවන බවයි.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කර ඇත්තේ ප්‍රවාහන, සෞඛ්‍ය, ගුවන් තොටුපල, දුම්රිය, වරාය, ත්‍රිවිධ හමුදාව වැනි හඳුනාගත් ආයතන පමණකි.

රෝහල් සඳහා අවශ්‍ය ඉන්ධන පමණක් මේවන විට නිකුත් කරමින් ඇති බවත්, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කරයි.

කෙසේවුවද, මේ අත්‍යවශ්‍ය සේවා ගණයට ජනමාධ්‍ය ඇතුළත්ව නොතිබීම විශේෂ සිද්ධියකි.

කෙසේවුවද, පැය 24 පුරාම ජනතාවට තොරු ලබාදීම මාධ්‍ය ආයතන විසින් සිදුකරද්දී එය අත්‍යවශ්‍ය සේවාවක් නොවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෘත්තීය සමිති සිය දැඩි අප්‍රසාදය පල කර තිබේ.

මෙය මාධ්‍ය මර්ධනය කිරීමට ආණ්ඩුව ගන්නා අලුත් ස්වරූපය ද යන්න පිළිබඳව ද ඔවුන් සැක පල කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනමාධ්‍ය ලේකම් අනූෂ පැල්පිට මහතා මාධ්‍යට පවසා ඇත්තේ මාධ්‍ය ආයතනවල ජෙනරේටර් පවත්වාගෙන යාම සඳහා පමණක් ඩීසල් නිකුත් කිරීමට මේවන විට සංස්ථාව සහ ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් ඇති බවයි.

කෙසේවුවද, පෙට්‍රල් ලබාදීමට නොහැකි බව ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.


More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...