Thursday, 30 June 2022 - 8:35
දේශපාලඥයෝ වැහි වැහැපු සාත්තර සුමනදාසගේ පාටිය!
...
හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ උපන්දිනය වෙනුවෙන් පසුගියදා තලවතුගොඩ මොනැෂ් අවන්හලේ පැවැති සාදයට දේශපාලඥයන්ගෙන් අඩුවක් නොවුණ බව වාර්තා වේ.

රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, ශාන් විජේලාල්, වීරසුමන වීරසිංහ, මනුෂ නානායක්කාර මෙන්ම හිටපු අමාත්‍ය පියසේන ගමගේ මෙසේ මේ සාදයට පැමිණි දේශපාලන ප්‍රබලයෝ වෙති.

ඊට අමතරව මෙහි වැඩියෙන් දැක ගැනීමට හැකිව ඇත්තේ කලාකරුවන් හා මාධ්‍යවේදීන්ය.

කෙසේවුවද, වෙනදා සුමනදාසගේ ඕනෑම වැඩක අනිවාර්යයෙන්ම දක්නට ලැබෙන රාජපක්ෂ පවුලේ කිසිවකුත් මේ උත්සවය සඳහා සහභාගී වී නොසිටීමය.

සනත් ගුණතිලක, ලතා වල්පොල, අමිත් වල්පොල වැනි කලාකරුවන් ද ඔහුගේ සාදයේ සිට තිබේ.

මෙහිදී ලතා වල්පොල හා අමිත් වල්පොල ගී ගයමින් පැමිණි සිටි පිරිස කුල්මත් කිරීමට අමතක නොකළ බව පැවසේ.

මෙහිදී අභිනවයෙන් අමාත්‍ය ධුරයක දිවුරුම් දුන් මනුෂ නානායක්කාර කළ අපූරු කතාවක් ගැනද වාර්තා වේ.

ඔහු එහිදී මෙසේ පවසා තිබේ.
‘‘ මම ජීවිතේ හැමදාම තීන්දු තීරණ ගත්තේ මේ සුමනදාස මහත්තයාගෙන් අහලා. මට එතුමා කී දෙයක් කිසිදාක වැරදුණේ නෑ. හැබැයි මේ සැරේ මේ ඇමැති පට්ටම ගන්න තීන්දුව ගන්නකොට නම් එයාගෙන් ඇහුවේ නෑ. ඒ නිසා මේ ගත්ත තීන්දුව හරිද වැරදිද කියලා දැම්ම කියන්න බෑ. මම මේ කල් ඇතුව කියන්නේ මේ තීන්දුවේ ප්‍රතිඵල ආවම, මේ ගත්තු තීන්දුව වැරදුණොත් එතුමාට කට්ටිය දෝෂාරෝපණය කරාවි, මහින්ද රාජපක්ෂ මහත්තයලා ඡන්දේ පැරදුණාම චෝදනා කළා වගේ. අන්න ඒ චෝදනාවෙන් සුමනදාස මහත්තයා නිදහස් කරන්න තමයි මම කලින්ම මේක කියන්නේ"

ඔහුගේ මේ කතාවෙන් පසුව එහි සිටි සිනා නොවුණ අයෙක් නැතැයි ද පැවසේ.


More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...