Friday, 01 July 2022 - 5:54
පිංවත්තේ උක්කුවා ඝාතනය ඇප් එකකින් කළ වැඩක්!
...
මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක් බව විමර්ශන කණ්ඩායම් හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ.

කුඩු සළිදු එම මෙහෙයුමේ ප්‍රධානියා බවද පැවසේ.

ඔහු සිය ගෝලබාලයන් යොදා ජංගම යෙදවුමක් ඔස්සේ පණිවුඩ හුවමාරු කර ගනිමින් සැලසුම් සහගතව උක්කුවා කටුබැද්දට ගෙන්වාගෙන මේ ප්‍රහාරය එල්ල කර ඇතැයි ද විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබෙන තොරතුරුවල සඳහන්ය.

උක්කුවා සමඟ එම ස්ථානයේදී තවත් අයෙක් ඝාතනය වන අතර, ඔහු සපත්තු අලෙවි ව්‍යපාරයකට සම්බන්ධ පුද්ගලයෙකි.

ඔවුන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්වන රථය සපත්තු අලෙවි ව්‍යාපාරිකයාගේ මාමාට අයත් එකකි.

එම ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයන් පොලිසියට පවසා ඇත්තේ ඉන්ධන තොගයක් ලබා ගැනීමට ඔවුන් දෙදෙනා එසේ කටුබැද්දට ගිය බවය.

එය පිළිගැනීමට නොහැකි බව පොලිසියට පෙනී ගොස් තිබේ.

ඒ පිංවත්තේ උක්කුවා පසුගිය දිනවල පානදුරේ ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාවට සිටි නිලධාරීන්ට ද තර්ජනය කරමින් බූලිවලට ඉන්ධන ලබා ගැනීම්වලත් තමන්ට හිතවත් පුද්ගලයන්ගේ වාහනවලට පෝලිම් නැතිව ඉන්ධන පුරවා ඇති නිසාත්ය.

එසේ තිබියදී ඔහුට ඉන්ධන ගැනීමට පානදුරේ සිට මොරටුවේ කටුබැද්දට යෑමට අවශ්‍යතාවක් නැති බවත් බොහෝ විට ඔහු එහි ගොස් ඇත්තේ මත්කුඩු ජාවාරමක් මුල්කරගෙන බව සැක කරන බවත් පොලිසිය විශ්වාස කෙරේ.

පිංවත්තේ උක්කුවා 2006 වසරේ සිට මෑතක් වන තුරුම සිට ඇත්තේ බන්ධනාගාරගතවය.

ඒ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් දඬුවම් ලබමිනි.

ඔහුගේ නම ඉදිරියේ ඝාතන තුනක් ලියැවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මාස තුනකට පමණ ඉහතදී ඔහු හිරෙන් නිදහස්ව පැමිණ ඇති අතර, ඒ පැමිණි මොහොතේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවමින් පාතාල ක්‍රියාකාරකම්වල නිරතව සිට ඇත්තේ ප්‍රසිද්ධියේම බවට තොරතුරු ද මේ වන විට පොලිසියට ලැබෙමින් තිබේ.

හිරේ සිටියදීත් ඔහු මත්කුඩු ජාවාරම කරමින් ගොස් ඇති අතර, ඔහු හිරේට යන්නට පෙර කාන්තාවක් සමඟ ඉතා කිට්ටු ඇසුරක් පවත්වා තිබෙන බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

පිංවත්තේ උක්කුවා හිරේ සිටියදී කළ මත්කුඩු ජාවාරමේ මුදල් තිබී ඇත්තේ එම කාන්තාව සතුවය.

එසේ ඇය සතුව කෝටියකට අධික මුදලක් තිබී ඇති බවත් පසුව ඇය වෙනත් පුද්ගලයෙක් සමඟ විවාහ වී සිටින බවත් විමර්ශකයන්ට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

ඇය විවාහ වී සිටින පුද්ගලයා මේ වන විට සිටින්නේ ඩුබායිහි බවත් ඔහු කුඩු සළිඳුගේ සමීපතමයෙක් බවත් අනාවරණය වී තිබේ.

හිරෙන් නිදහස්ව පැමිණීමෙන් පසු උක්කුවාගෙන් ඇයට තර්ජන එල්ලවී ඇති අතර, එම තර්ජන හා උක්කුවාගේ ඝාතනය අතර සම්බන්ධයක් තිබේ දැයි විමර්ශකයන්ගේ අවධානයට යොමු වී ඇත.

මේ අතර කුඩු සළිඳුගේ මත්කුඩු ජාවාරම මෙහෙයවන ගෝලයන් කිහිප දෙනකුට පසුගිය දිනවල උක්කුවා විසින් කළ පහරදීමක් සහ කුඩු සළිඳුට ඔහු අභියෝග කිරීමක් සම්බන්ධයෙන් ද තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ.

උක්කුවාගේ ඝානනය හා එම සිදු වීම අතර බොහෝ විට ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති බව පෙනී යන්නේ යැයි විමර්ශන කණ්ඩායම් සැකකරයි.


More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Thursday, 30 June 2022 - 8:35

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ උපන්දිනය වෙනුවෙන් පසුගියදා තලවතුගොඩ මොනැෂ් අවන්හලේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...