Wednesday, 06 July 2022 - 7:31
යාල කැලේ මැණික් ගරන්නේ ඔක්කම්පිටියේ සෙට් එකක්!
...
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත ජාවාරමක් ක්‍රියාත්මක වන බව පරිසරවේදීහු අනාවරණය කළහ.

ඔක්කම්පිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනකුගේ මෙහෙයවීම යටතේ සේවකයන් 300ක් පමණ යොදා ගෙන ජාතික වනෝද්‍යානයේ අක්කර සියයක් පමණ විනාශ කරමින් මෙම ජාවාරම සිදු කෙරෙන බවත්, බැකෝ යන්ත්‍ර හා යාන්ත්‍රික මැණික් ඉල්ලම් සේදුම් යන්ත්‍ර භාවිත කර මැණික් ජාවාරම සිදු කරන බවත් පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසීය.

මෙලෙස කැලෑව තුළ මැණික් කැණීම නිසා අලි - ඇතුන්ට ජාතික වනෝද්‍යානය තුළ ම රැකවරණය අහිමි වන බව කී හෙතෙම කුඹුක්කන් ඔයට මැණික් ඉල්ලම් සේදීමේ දී එක් වන අධික රොන්මඩ හේතුවෙන් එහි ජෛව ප්‍රජාව සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇතැයිද සඳහන් කළේය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් මෙම පරිසර විනාශය සිදුකරන බවද, මෙම ජාවාරම්කරුවන් ඔක්කම්පිටිය ප්‍රදේශයේ ඉන්ධනහල්වලින් ඉන්ධන ලබා ගෙන අඛණ්ඩව ජාතික වනෝද්‍යානය විනාශ කරමින් මැණික් ජාවාරමේ නිරත වන බවද ඔහු කීය.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාරගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු කියා සිටියේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව මැණික් ගැරීම දිගටම සිදුවන බවත්, මාලිගාවිල ප්‍රදේශයෙන් පැමිණෙන පුද්ගලයන් මීට සම්බන්ධ බවත්ය.

වනජීවි නිලධාරීන් විසින් දිගින් දිගටම වැටලීම් සිදුකරන අතර මෙම මැණික් ජාවාරම පිළිබඳ සොයා බලා කටයුතු කරන බවද ඒ මහතා කීවේය.

ඒ අතර ඇතැම් පුද්ගලයන් වනෝද්‍යානය තුළටද ඇතුළු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.


More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

...
Thursday, 30 June 2022 - 8:35

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ උපන්දිනය වෙනුවෙන් පසුගියදා තලවතුගොඩ මොනැෂ් අවන්හලේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...