Thursday, 07 July 2022 - 4:44
නීති විරෝධී දේපල වැඩිම කුඩ්ඩා දෙමටගොඩ චමින්ද!
...
මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති බව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා කියයි.

ඒ අතර, වැඩිම දේපොළ ප්‍රමාණයක් ඇත්තේ දෙමටගොඩ චමින්ද නමැති අපරාධකරුගේ බවත්, එය මිලියන 600කට වැඩි දේපොළ ප්‍රමාණයක් බවද ඔහු කියා සිටී.

මේ වන විට කෙරෙන විමර්ශනවලින් පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ කෝටි 100ක පමණ දේපොළ හඳුනා ගැනීමට නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව ඇතැයි ද වාර්තා වේ.

මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටින කුඩු පාතාලයේ කප්පිත්තන් 80කගේ වත්කම් ඒ අතර ඇතැයි පැවසේ.

එම කුඩු කප්පිත්තන් අතර කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවන් රැසක්ම සිටින අතර, ඔවුන් වැඩි දෙනෙක් සිටින්නේ රටින් පිට බවද වාර්තා වේ.

මේ මත්කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා අවශ්‍යතා අනුව ජාත්‍යන්තර පොලිසියේ සහාය ගැනීම් ද කරන බව යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා සඳහන් කරයි.


More News
...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

...
Thursday, 30 June 2022 - 8:35

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ උපන්දිනය වෙනුවෙන් පසුගියදා තලවතුගොඩ මොනැෂ් අවන්හලේ...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...