Tuesday, 03 November 2020 - 6:24
ලග්නයට අනුව අද දවස ඔබට කොහොමද?
...
2020 නොවැම්බර් මස 03වැනි අඟහරුවාදා

රාහු කාලය දිවා 02.52 සිට 04.21 දක්වා
රාත්‍රි 02.56 සිට 04.27 දක්වා
ශුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - බස්නාහිර
 
මේෂ
වියදම් අධිකයි
වියදම් අධික වේ. තමාගේ ගෞරවයට හානි සිදුවිය හැක. සිත් තැවුල් ඇති කරයි. ගමන්බිමන් අධික වේ. අන් අයෙකුට බැගෑපත් වීමට සිදු විය හැක. ගෙදරදොර කටයුතුවල ගැටලු මතු කරයි. ආගමික කටයුතුවලට මැදිහත් වේ.


වෘෂභ
ආදායම ශුභයි
වාසනාවන්ත දිනයකි. ආදායම් අතින් ශුභදායකයි. රැකිරක්ෂා කටයුතුවලින් දියුණුවක් ලැබිය හැක. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් සාර්ථකත්වයක් ලබාගත හැක. දරුවන්ගේ කටයුතු ශුභදායකයි. ඌෂ්ණාධික රෝග මතු කරයි.


මිථුන
මංගල යෝජනා
ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරුයි. රැවටීම්වලට හසුවිය හැක. තරග විභාගවලින් පරාජයට පත් වේ. අවිවාහකයන්ට මංගල යෝජනා ලැබේ. අනුමානයෙන් කරන කටයුතුවලින් වාසි ලැබිය හැක. සිත් තැවුල් ඇති කරයි.


කටක
ගොවිතැනින් පාඩු
නොයෙක් ආකාරයේ වස්තු ලැබේ. දියුණුවට කටයුතු යෙදේ. ඥාතීන් සමග ඇති සබඳතා වර්ධනය වේ. වියදම් පක්ෂය තරමක් ඉහළ යා හැක. නොයෙක් දේ ගැන සැක ඇති වේ. හිතවත් අයකුගෙන් සංග්‍රහයක් ලැබේ. ගොවිතැන් කටයුතුවලින් පාඩු සිදුවිය හැක.


සිංහ
ආදර සබඳතා
බලාපොරොත්තු ඉටු වේ. සිතට ගතට සැනසිලිදායකයි. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. වෙළෙඳ ව්‍යාපාර කරන අයට වාසි හිමි වේ. අතරමග නතර කර තිබූ කටයුතු යළි ආරම්භ කරයි. තරුණ තරුණියන් අතර ආදර සම්බන්ධතා ඇති වේ. සෞඛ්‍යය යහපත්.


කන්‍යා
අනවශ්‍ය වියදම්
අනවශ්‍ය වියදම් යෙදේ. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණිය හැක. වංචාවන්ට හසු වී‍මෙන් පාඩු සිදු වේ. සැමියාට හෝ භාර්යාවට අසනීප සෑදිය හැක. දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඌෂ්ණාධික රෝග බලපායි.


තුළා
නිෂ්ඵල ගමන්
අහංකාර ගති ඇති කරයි. චෝදනාවලට ලක් විය හැක. කරන කියන කටයුතුවලට බාධා පැමිණේ. බලාපොරොත්තු රහිත කරදරවලට මුහුණ දීමට සිදුවිය හැක. නිෂ්ඵල ගමන් ඇති වේ. අසල්වැසියන් සමග ගැටලු ඇති විය හැක.


වෘෂ්චික
සැප සම්පත්
සැප සම්පත් ලැබේ. රැකියා කටයුතු කරන අයගේ ආදායම් වැඩි වේ. රසවත් කෑම බීම සංග්‍රහ ලැබේ. තරග විභාගවලින් ජය ලැබිය හැක. වෙළෙඳාම් කටයුතුවලින් ලාභ ලැබේ. දරු සම්පත් උරුමයි. අලුත් මිතුරු මිතුරියන් ආශ්‍රයට ලැබේ. සෞඛ්‍යය යහපත්.


ධනු
සෞඛ්‍යය යහපත්
වෙළෙඳාම් කටයුතුවල නිරත අයට දියුණුව ලැබේ. රැකියා ස්ථානයේ ගරු සැලකිලිවලට ලක් වේ. ගෙදරදොර සැප පහසුව ඇති වේ. හිත මිත්‍රයන්ගෙන් විශේෂ වරප්‍රසාද ලැබිය හැක. මහන්සියෙන් යම් වැඩක් කිරීමට සිදු වේ. සෞඛ්‍යය යහපත්.


මකර
ආදරයට බාධා
බලාපොරොත්තු ඉටු නොවේ. ආදර සබඳතාවලට බාධා ඇති කරයි. බාහිර පුද්ගලයන්ගෙන් කරදර සිදු විය හැක. කරගෙන යන කටයුතුවලින් යම් දියුණුවක් ලැබේ. ඥාති මිත්‍රයන් සමග සබඳතා වර්ධනය වේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි.


කුම්භ
අනවශ්‍ය වියදම්
අනවශ්‍ය වියදම් යෙදේ. හිතවත් අයකුගෙන් වෙන්වීමක් පෙන්වයි. හිතේ තිබූ ධෛර්යමත් ගතිය අඩු වේ. පිට පළාතක සිටී නම් ගම්බිම් කරා යාමේ අවස්ථාව ලැබේ. දේපළ ඉඩකඩම් ආදියෙන් ආදායම් ලැබේ. වෙළෙඳ ව්‍යාපාර කෙමෙන් දියුණුවට පත් වේ.


මීන
ආදායම අයහපත්
ස්ථානගත වෙනස්කම් ඇති කරයි. සිතේ කරදරකාරී සිතිවිලි මතු වේ. ආදායම් තත්ත්වය එතරම් යහපත් නොවේ. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරයි. නිෂ්ඵල දේට මහන්සි වේ. අනුමාන කරන කටයුතුවලින් පාඩු සිදුවිය හැක. කේලාම් බස්වලින් ප්‍රවේසම් වන්න.
 


More News
...
Monday, 08 February 2021 - 11:09

ලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ...   Read more

...
Sunday, 07 February 2021 - 9:27

  මේෂ- අඹු­සැමි මත භේද මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආර­ම්භය අස­තු­ටු­දා­යක වුවත් සතිය මැද භාගයේ...   Read more

...
Monday, 01 February 2021 - 10:00

ජලය මිනිසාගේ ප‍්‍රධානතම අවශ්‍යතාවයක්. නිවසකට ජලය ලබා ගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වෙනවා....   Read more

දවසේ වීඩියෝව