Wednesday, 04 November 2020 - 6:54
ලග්නයට අනුව අද දවස ඔබට කොහොමද?
...
ලග්නයට අනුව අද දවස ඔබට කොහොමද? (2020.11.04)
2020නොවැම්බර් මස04 වැනිබදාදා
රාහු කාලය දිවා 11.54 සිට 01.23 දක්වා රාත්‍රී 11.54 සිට 01.25 දක්වා
ශුභ දිසාව- දකුණමරු සිටින දිසාව- නිරිත

මේෂ
දෝෂාරෝපණ
වියදම් පක්ෂය ඉහළ යයි. අනුන් ලවා කරගත යුතු වැඩක් තමාටම කිරීමට සිදු වේ. මුදල් සෙවීමට ගන්නා උත්සාහයන් ව්‍යර්ථ විය හැක. අඹු සැමියන් අතර අවුල් වියවුල් හට ගනී. ස්ත්‍රීන් සමග මත ගැටුම් ඇති විය හැක. අන්‍යයන්ගේ දෝෂාරෝපණ එල්ල වේ.

වෘෂභ
වස්තු ලාභ
වස්තු ලාභ ලැබේ. සතුරන්ගෙන් ජය හිමි වේ. රැකීරක්ෂා බලාපොරොත්තු වන්නන්ට ඒ සඳහා අවස්ථාව ලැබේ. උසස් අයගේ ආධාරය උපකාරය හිමි වේ. ඥාති මිත්‍රාදීන් තමා සොයාගෙන පැමිණේ. අසනීප තත්ත්වයන්ගෙන් මිදීමේ හැකියාව ලැබේ.

මිථුන
සිත් රිදීම්
සිත් රිදීම් ඇති විය හැක. ඥාතීන් සමග ගනුදෙනු කිරීමේ දී කල්පනාකාරී වන්න. දේශපාලන කටයුතුවල නිරත අයට වාසිදායකයි. වැඩි උත්සාහයකින් තොරව මුදල් ඉපයිය හැක. නැති වූ වස්තුව යළි ලැබේ. දරුවන්ට අපලයි. සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.

කටක
මුදල් අපහසුතා
මුදල් අතින් අපහසුතා ඇති වේ. භාරගෙන කරන කටයුතුවලින් පාඩු සිදුවිය හැක. ණයට ගත් අයගෙන් කරදර ඇති වේ. අනවශ්‍ය ලෙස මුදල් වියදම් වේ. හුදෙකලාව කටයුතු කිරීමට ප්‍රිය කරයි. සතුරන්ගෙන් කරදර ඇති විය හැක.


සිංහ
ආදායම යහපත්
ආදායම යහපත් වේ. එහෙත් වියදම් පක්ෂය ද ඉහළ යා හැක. රැකීරක්ෂා කටයුතුවලින් යම් දියුණුවක් ලබයි. ඒ සඳහා අන්‍යයන්ගේ ආධාරය උපකාරය හිමි වේ. ආදර සම්බන්ධතා ස්ථිර වේ. බෝවන රෝග වැලඳිය හැක.


කන්‍යා
ආදායම් අඩුවේ
ආදායම් අඩුවේ. ණයවීමට වුව ද පුළුවන. රැකියා කටයුතුවලට බාධා ඇති කරයි. ගමන් බිමන්වල දී හදිසි අනතුරුවලට ලක් විය හැක. පදිංචි ස්ථානයේ කරදර ඇති වේ. විවාහ යෝජනාවල දී රැවටීම්වලට හසුවිය හැක. ඉඩකඩම් දේපළවලින් ලාභ ලැබේ. පිත් රෝග ඇති කරයි.

තුලා
අධික වියදම්
අධික ලෙස වියදම් කරයි. ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. අන්‍යයන් තමාගේ වැරදි සම්බන්ධයෙන් කතා කරයි. දියුණුවට බාධා ඇති වේ. වෙළෙඳ ව්‍යාපාරවලින් යම් තරමකට ලාභ ලැබේ. අධ්‍යාපනයට උනන්දු විය යුතුය. දරුවන් ගැන අවධානය යොමු කරන්න.

වෘෂ්චික
ධනලාභ
මුදල් වැඩිපුර ලැබෙන දිනයකි. කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථකත්වයට පත් වේ. වෙළෙඳ ව්‍යාපාරවල නිරත අයට ලාභදායකයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ බුද්ධිය ඥානය වර්ධනය වේ. නිවසට අවශ්‍ය බඩු මිලට ගනී. සෞඛ්‍යය අයහපත් නොවේ.

ධනු
අධ්‍යාපනයට බාධා
ආදායම් මාර්ග සරුසාර වේ. වියදම් පක්ෂය පාලනය කරගත යුතුයි. හිතමිතුරන් සමග ප්‍රිය සම්භාෂණවලට සහභාගි වේ. සමාජයේ ප්‍රසිද්ධිය ලැබේ. ශරීරය වෙහෙසා වැඩවල නිරත වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණිය හැක.

මකර
උසස්වීම්
රැකීරක්ෂා තනතුරු උසස් වේ. ආදායම් මාර්ගවල වර්ධනයක් පෙන්නුම් කරයි. වියදම් පක්ෂය ද ඉහළ යා හැක. නීතිමය කටයුතුවලින් ජය ලැබේ. ඥාති මිත්‍රාදීන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණිය හැක.

කුම්භ‍
අන්‍යයන්ගේ සැලකිල්ල
අන්‍යයන්ගේ සැලකිල්ලට භාජන වන දිනයකි. වියදම් පක්ෂය පාලනය කර ගත යුතුයි. දූ දරුවන්ගේ කටයුතු සාර්ථකයි. හිත මිත්‍රයන් තමා සොයාගෙන පැමිණේ. අධ්‍යාපනයේ නිරත අයට යහපත් ගුරු උපදේශ ලැබේ.

මීන
හදිසි ධන ලාභ
හදිසි ධන ලාභ ඇති කළ හැක. එහෙත් වියදම් කිරීමේ දී කල්පනාකාරී වන්න. සිතට කනගාටුව ඇති කරන ආරංචි ලැබිය හැක. රැකියා ස්ථානයේ අය තමා ගැන වැරදි අදහස් ඇතිකර ගැනීමට ඉඩ තිබේ. ඌෂ්ණාධික රෝග මතු කරයි.


More News
...
Monday, 08 February 2021 - 11:09

ලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ...   Read more

...
Sunday, 07 February 2021 - 9:27

  මේෂ- අඹු­සැමි මත භේද මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආර­ම්භය අස­තු­ටු­දා­යක වුවත් සතිය මැද භාගයේ...   Read more

...
Monday, 01 February 2021 - 10:00

ජලය මිනිසාගේ ප‍්‍රධානතම අවශ්‍යතාවයක්. නිවසකට ජලය ලබා ගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වෙනවා....   Read more

දවසේ වීඩියෝව