Friday, 06 November 2020 - 6:29
ලග්නයට අනුව අද දවස ඔබට කොහොමද?
...
2020 නොවැම්බර් 06 - සිකුරාදා
රාහු කාලය දිවා 10.23 සිට 11.55 දක්වා රාත්‍රි 10.23 සිට 11.55 දක්වා
ශුභ දිසාව- බස්නාහිරමරු සිටින දිසාව- ගිනිකොන
 
 
මේෂ
මිශ්‍රඵල
මිශ්‍රඵල උදා කරයි. ආදායම් යම් තරමකට සරු වුවත් වියදම් පක්ෂය ඉහළ යා හැක. ස්ත්‍රීන්ගෙන් උදව් උපකාර හිමි වේ. ගමන්බිමන් අධික වේ. අන්‍යයන්ගේ උපකාර ගැනීමට සිදු විය හැක. ගෘහ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. ආගමික අංශයට යොමු වේ.
 
වෘෂභ
ආදායම ශුභයි
ආදායම් අතින් ශුභදායක වුවත් වියදම් පක්ෂයද ඉහළ යයි. රැකීරක්ෂා කටයුතුවලින් යම් ආකාරයක දියුණුවක් ලැබේ. අධ්‍යාපන කටයුතුවල නිරත අයට උත්සාහයෙන් සාර්ථකත්වයක් ලද හැක. ඌෂ්ණාධික, උදරාශ්‍රිත රෝගාබාධ ඇති කරයි.
 
මිථුන
ප්‍රේම සබඳතා
වියදමට සරිලන ආදායම් ලැබේ. එහෙත් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. සිත් පීඩාවලටද ඉඩ ඇත. කරගෙන යන කටයුතුවලින් වාසි ලැබේ. දරුවන් සම්බන්ධයෙන් වැඩි වෙහෙසක් දරයි.
 
 
කටක
සිත් තැවුල්
සිත් තැවුල්වලට ඉඩ පවතී. ඥාතීන් සමග ඇති සබඳතා වර්ධනය වේ. වියදම් පක්ෂය තරමක් ඉහළ යා හැක. අත්වැරදීම්වලින් පාඩු ඇති වේ. පොළොව සම්බන්ධව කරන කටයුතු එතරම් සාර්ථක වන්නේ නැත. සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කරන්න
 
සිංහ
දියුණුවට කටයුතු
දියුණුවට කටයුතු සැලසේ. සිතට ගතට සැනසිල්ලක් උදා කරයි. අන්‍යයන්ගේ ආධාර උපකාර ලැබේ. වෙළෙඳ කටයුතුවලින් දියුණුවක් හිමි වේ. අතරමග නතර කර තිබූ කටයුතු යළි ආරම්භ කරයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ.
 
කන්‍යා
බලාපොරොත්තු ඉටුවේ
මිශ්‍රඵලදායකයි. බලාපොරොත්තු ඉටු වේ. වංචාවන්ට හසු විය හැකි බැවින් කල්පනාකාරී වන්න. බර වැඩක් කිරීමට සිත යොමු වේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලයත් ධනයත් වැය කරයි. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. ඌෂ්ණාධික රෝග බලපායි.
 
තුලා
දෝෂාරෝපණ
තමාගේ මතයම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරයි. අන්‍යයන්ගේ දෝෂාරෝපණයන් එල්ල විය හැක. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. නිෂ්ඵල ගමන් යෙදේ. අසල්වැසියන් සමග ප්‍රශ්න ඇති විය හැක. ආහාර ජීර්ණ පද්ධතියේ ​රෝග මතු කරයි.


වෘෂ්චික
රැකියාවේ අවුල්
ආදායම් ලැබුණත් වියදම් පක්ෂය ඉහළ යයි. රැකියා කටයුතුවල අවුල් වියවුල් ඇති කළ හැක. තරග විභාගවලින් ජය ලැබේ. වෙළෙඳාම් කටයුතුවලින් යම්කිසි ප්‍රගතියක් ලබයි. අලුත් මිතුරු මිතුරියන් ආශ්‍රයට ලැබේ. ඌෂ්ණාධික රෝග ඇති කරයි.


ධනු
රැකියා සාර්ථකත්වය
ගෘහ ජීවිතය ප්‍රීතිමත් වේ. රැකියා ස්ථානයේ කටයුතු සාර්ථකයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට අලුත් විෂයයන් ඉගෙනීමට ලැබේ. හිත මිත්‍රයන්ගේ ආදරය ගෞරවය හිමි වේ. ස්ත්‍රී පක්ෂය සමග ඇති සබඳතා තර වේ.


මකර
ආදරයට බාධා
සුළු සුළු වස්තු ලාභ ලැබේ. වියදමට සරිලන ආදායම් උපයා ගත හැක. ආදර සබඳතාවලට බාධා ඇති කරයි. බලාපොරොත්තු ඉටු වීමේ ඉඩ පවති. කරගෙන යන කටයුතුවලින් යම් දියුණුවක් ලැබේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි.
 

කුම්භ
වියදම් වැඩිවේ
බලාපොරොත්තු කඩ විය හැක. මුදල් වියදම් වැඩි වේ. බාහිර අයගේ කරදර බලපායි. වැඩ කටයුතු කිරී​මේ දී උදාසීනතා ඇති කරයි. වෙහෙසකර ගමන්බිමන් යෙදිය හැක. දේපළ ඉඩකඩම් ආදියෙන් ආදායම් ලැබේ. තද ලෙස රාගාධික ගති ඇති කරයි.
 

මීන
ජලයෙන් අනතුරු
ආදායම් තත්ත්වය එතරම් යහපත් නොවේ. ආහාරපානාදිය සම්බන්ධ හිඟතා මතු කරයි. කරගෙන යන කටයුතුවලට බාධා එල්ල විය හැක. නිෂ්ඵල දේට මහන්සි වේ. ඥාති මිත්‍රයන් සමග හිත නරක්වීම්වලට ඉඩ පවතී. ජලය සම්බන්ධ අනතුරු සිදුවිය හැක.
 
 
 
 


More News
...
Monday, 08 February 2021 - 11:09

ලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ...   Read more

...
Sunday, 07 February 2021 - 9:27

  මේෂ- අඹු­සැමි මත භේද මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආර­ම්භය අස­තු­ටු­දා­යක වුවත් සතිය මැද භාගයේ...   Read more

...
Monday, 01 February 2021 - 10:00

ජලය මිනිසාගේ ප‍්‍රධානතම අවශ්‍යතාවයක්. නිවසකට ජලය ලබා ගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වෙනවා....   Read more

දවසේ වීඩියෝව