Wednesday, 11 November 2020 - 10:29
ඉදිරියේදී එන්නේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන අයවැයක් - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
...

ඉදිරි අයවැයෙහි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ කරුණු රැසක් ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවැසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංවර්ධනය ගමට ගෙනයන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාමීය ආර්ථිකය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ ඊයේ (10 වැනිදා) යාපනයේ හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

‘‘එළැඹෙන අයවැයේදී අපි මූලිකත්වය දීලා තියෙන්නේ ගොවි ආර්ථිකයටයි. ගොවි ආර්ථිකය ශක්තිමත් කරන එක තමයි අපේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ මූලිකත්වය වෙලා තියෙන්නේ. අයවැයේ රහස් මට කියන්න විදිහක් නෑ. මොකද අයවැය ඉදිරිපත් කරන්නෙ මුදල් ඇමැතිතුමා.

මේ ආණ්ඩුව මේ වෙනකොට අරන් තියෙන තීන්දු තීරණ දිහා බලපුවහම අපට පැහැදිලිවම පේනවා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න යෝජනා රැසක් එළැඹෙන අයවැයේදී ඉදිරිපත් වේවි කියලා. ගොවි ආර්ථිකය ශක්තිමත් කරන්න පිටරටින් ගෙනෙන ගොඩක් දේවල් අපි නතර කරලා තියෙනවා.

කවුරුහරි හිතනවනම් කොවිඩ් නිසා අපේ රටේ ආර්ථිකය වැටිල තියෙනවා කියලා ඒක බොරුවක්, අපිට යහපාලනයෙන් ලැබුණේ වැටිච්ච ආර්ථිකයක්. අපි එම ආර්ථිකය වැටෙන්න නොදී ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ රජය ක්‍රියා කරගෙන සිටිනවා.මේ පළාතේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ නියෝජිතයන්ද මෙම වැඩපිළිවෙළ සඳහා සහභාගි වුණා. ඒක ඉතාමත්ම හොඳ දෙයක්. විශේෂයෙන්ම මහාමාර්ග පද්ධතියේ කිලෝමීටර් ලක්ෂයේ වැඩපිළිවෙළ සහ නිවාස සංවර්ධනයේ නිවාස වැඩපිළිවෙළ වාරි මාර්ගයේ වාරිමාර්ග වැඩපිළිවෙළ වැව් සහ පානීය ජලය ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය නාගරික සංවර්ධන වැඩපිළිවෙළ ගමට ගෙනියන වැඩපිළිවෙළ තමයි ක්‍රියාත්මක වුණේ.

අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් විතරක් නොව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට. පළාතේ ජනතාවගේ පළාතේ ගොවියාගේ ආර්ථිකය දියුණු කිරීමටත් ප්‍රාදේශීය හා නාගරික ආර්ථිකය දියුණු කිරිමේ මහා මෙහෙයුමක් සඳහා මූලික අඩිතාලම ලෙස තමයි අද මේ රැස්වීම් පවත්වන්නේ.

අපි මේක ආරම්භ කළේ උතුරු පළාතෙන්, මේ පළාතෙන් තමයි අපිට අපේ රජයට ජනාධිපතිතුමාට අඩුවෙන්ම ඡන්ද ලැබුණේ. ඒ වගේ ප්‍රදේශයක් තමයි අපි ඉස්සෙල්ලම තෝරගත්තේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මේක අපි මුළු රටේම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරියේදී මේක දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරලා මේ රට ඉතාමත්ම සීඝ්‍රයෙන් දියුණු කරන වැඩපිළිවෙළකට තමයි අපි ගමන් කිරීමට යන්නේ.

කොවිඩ් මේ ලංකාවට විතරක් තියෙන ලෙඩක් නෙමෙයිනේ. මුළු ලෝකයම මේ වසංගතයට ගොදුරු වෙලා තියෙනවා. මේකෙන් මිදෙන්න එන්නතක් හොයා ගන්නකම් අපිට වෙනවා මේකට මුහුණ දෙන්න. අපිට තියෙන්නෙ පරිස්සම් වෙන එක. අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ අපි මේකෙන් මිදෙන්න ඕන. විපක්ෂය බලාගෙන ඉන්නෙ මේක ඇදලා මිනිස්සු මැරෙනකම්. අපි ඒකට අහුවෙන් නැතුව නියමිත සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව අප ජීවත් වෙන්න ඕනා.

කොවිඩ්, කොවිඩ් කියලා මේක වහගෙන හැංගිලා ගෙවල්වලට වෙලා හිටියොත් මිනිසුන්ගේ ආර්ථිකය විතරක් නෙමේ මුළු රටත් විනාශ වෙනවා. ලෝකයේ එන්නතක් හොයාගන්නකම් අපි පරිස්සම් වෙන්න ඕන. ඒකට තව අවුරුද්දක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් තව අවුරුදු 25ක් මේක තිබුණත් අපිට මේ රට වහගෙන ඉන්න බැහැනේ එම නිසා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අපි කටයුතු කරන්න ඕන.’’ යැයිද පැවැසීය.

More News
...
Friday, 20 November 2020 - 20:37

ලබන ජනවාරි මාසයේදී දැවැන්ත කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන්...   Read more

...
Sunday, 15 November 2020 - 22:59

කොවිඩ් මැද මන්දගාමී වූ දේශපාලන කරළියේ රැඟුම් යම් පමණකට සුපුරුදු රිද්මයට පැමිණීම පසුගිය සතියේ...   Read more

...
Thursday, 12 November 2020 - 10:18

  රට හදන සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති මාලාව අනුව නගර නිර්මා­ණ­යට අවශ්‍ය යටි­තල පහ­සු­කම්...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...