Thursday, 12 November 2020 - 7:13
ලග්නයට අනුව අද දවස ඔබට කොහොමද? 2020.11.12
...
2020 නොවැම්බර් මස12  බ්‍රහස්පතින්දා
 
රාහු කාලය දිවා 01.23 සිට 02.52 දක්වාරාත්‍රී 01.25 සිට 02.57 දක්වා
ශුභ දිසාව - දකුණමරු සිටින දිසාව- උතුර
 
මේෂ
අදහස් ඉටුවේ
සුළු සුළු වස්තු ලාභ ලැබේ. අදහස් ඉෂ්ට වේ. ගෘහ ජීවිතයේ මත ගැටුම් ඇති කළ හැක. මංගල යෝජනාවලට බාධා පැමිණේ. සතුරන් සමග ප්‍රසිද්ධියේ ගැටුම් ඇති විය හැක. වන්දනා ගමන් යාමට ඉඩ සැලසේ. අධ්‍යාපන කටයුතුවලින් ජය ලැබේ. සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.
 
වෘෂභ
වස්තු ලාභ
වස්තු ලාභ ලැබේ. රැකී රක්ෂා බලාපොරොත්තුවෙන් සිටින අයගේ අදහස් ඉෂ්ට වේ. ඥාති මිත්‍රාදීන් තමා සොයාගෙන පැමිණේ. උසස් අයගේ ගරු සැලකිලි ලැබේ. අර්ශස් අමාරු උත්සන්න විය හැක.
 
මිථුන
මංගල යෝජනා
සාමාන්‍ය අන්දමේ දියුණුවක් ලබයි. අවිවාහකයන්ට මංගල යෝජනා උදා වේ. කලක සිට බලාපොරොත්තුවෙන් සිටි අදහසක් ඉෂ්ට විය හැකිය. අහංකාර ගති මතු කරයි. අධික ලෙස මුදල් වියදම් විය හැක. කේන්තිය වැඩි වේ. සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.
 
කටක
මිශ්‍ර ඵල
මිශ්‍ර ඵල උදා කරයි. ස්ත්‍රී පක්ෂය සමග කරන කටයුතුවලින් වාසි අත් වේ. සතුරු කරදර මතු විය හැකිය. අනුමානයට කරන කටයුතුවලින් පාඩු ඇති කරයි. මුදල් තත්ත්වය එතරම් ශුභදායක නොවේ. වියදම් පක්ෂය ඉහළ යා හැක. ඌෂ්ණාධික රෝගවලින් ප්‍ර‍වේසම් වන්න.
 
සිංහ
මුදල් ලාභ
මිල මුදල් ලාභ ලැබේ. එහෙත් වියදම් පක්ෂය ඉහළ යයි. රැකියා කටයුතුවල දියුණුවක් ලැබිය හැක. උසස්වීම් උරුමයි. ගෙදරදොර කටයුතු සාමකාමී අන්දමට සිදු වේ. අන්‍යයන් සමග කටයුතු කිරීමේ දී පරෙස්සම් වන්න. ඉගෙනීමේ කටයුතුවල නිරත අයට සාර්ථක ප්‍රතිඵල ලැබේ.
 
කන්‍යා
ආදායම් සරුවේ
ශුභදායක දිනයකි. ආදායම් මාර්ග සරුසාර වේ. උසස් තත්ත්වයට පත් විය හැක. එහෙත් වංචා ප්‍රයෝගවලින් ප්‍රවේසම් විය යුතුයි. සැමියා හෝ බිරිඳට අසනීප සෑදිය හැක. ස්ථානගත වෙනස්කම් සිදු කිරීමට සිතේ. සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.
 
තුලා
වියදම ඉහළට
වියදම් පක්ෂය ඉහළ යයි. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරතා එල්ල විය හැක. ඥාති මිත්‍රාදීන්ගේ වෙන්වීමක් පෙන්වයි. ගෘහ ජීවිතයේ කටයුතුවල දී යම් යම් මත ගැටුම් ඇති විය හැක. දරුවන් සම්බන්ධයෙන් වෙහෙසීමට සිදු වේ.
 
වෘෂ්චික
වස්තු ලාභ
ශුභදායක දිනයකි. රැකියා සාර්ථකත්වය හිමියි. ආදායම් මාර්ග සරුසාර වේ. නොයෙක් ආකාරයේ වස්තු ලැබේ. ගෙදරදොර ජීවිතය ප්‍රීතිමත්ය. ඉගෙන‍ීම් කටයුතු කරන අයට ජයග්‍රහණ හිමි වේ. චෝදනාවලට ලක්විය හැකි බැවින් කල්පනාකාරී වන්න.
 
ධනු
මුදල් ලාභ
මුදල් ලාභ හිමියි. බලාපොරොත්තු ඉටුවීමක් පෙන්වයි. අන්‍යයන්ගේ උදව් උපකාර ලැබේ. ස්ත්‍රී පක්ෂය සම්බන්ධව කරන වෙළෙඳාම්වලින් ලාභ උපයයි. සමාජය තුළ තමා ගැන ප්‍රියතාවක් ඇති වේ. උසස් අය සමග ආශ්‍රයට ඉඩ ලැබේ. පාදවල පීඩා මතු කළ හැක.
 
මකර
රැකියා වෙනසක්
මිශ්‍ර පල උදා කරයි. වියදමට සරිලන ආදායම් උපයා ගනී. රහස් සබඳතා ඇති කළ හැක. පින් දහම් කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කරයි. රැකියා කටයුතුවල වෙනසක් සිදු වී‍මේ ඉඩ පවතී. වෙළෙඳ කටයුතුවලින් ලාභ ලැබේ. සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.
 
කුම්භ
ගොවිතැනින් පාඩු
අධික වියදම් යෙදේ. කරන කියන කටයුතුවලට බාධා ඇති කරයි. රැකියා ස්ථාන​යේ ප්‍රධානීන් සමග ගැටුම් ඇති විය හැක. ගොවිතැන් කටයුතුවලින් පාඩු වේ. ගෘහ ජීවිතයේ කටයුතුවල දී වචන පාවිච්චියේ දී ප්‍රවේසම් විය යුතුය. නිෂ්ඵල ගමන් යෙදේ.
 
මීන
ප්‍රධානීන්ගේ අප්‍රසාදය
මුදල් ලාභ ලැබුණත් වියදම් පක්ෂය ඉහළ යයි. අනවශ්‍ය අය සමග ඇසුරට යාමෙන් ගැටුම් ඇති විය හැක. වාද විවාදවලට පැටලේ. දුර ගමන් යාමේදී ප්‍රවේසම් වන්න. පොළොව සම්බන්ධ කටයුතුවලින් පාඩු සිදුවිය හැක. ප්‍රධානීන්ගේ අප්‍රසාදය එල්ල වේ.
 


More News
...
Monday, 08 February 2021 - 11:09

ලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ...   Read more

...
Sunday, 07 February 2021 - 9:27

  මේෂ- අඹු­සැමි මත භේද මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආර­ම්භය අස­තු­ටු­දා­යක වුවත් සතිය මැද භාගයේ...   Read more

...
Monday, 01 February 2021 - 10:00

ජලය මිනිසාගේ ප‍්‍රධානතම අවශ්‍යතාවයක්. නිවසකට ජලය ලබා ගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වෙනවා....   Read more

දවසේ වීඩියෝව