Thursday, 12 November 2020 - 10:18
නගර නිර්මා­ණ­යට අවශ්‍ය යටි­තල පහ­සු­කම් ලබන වසරේ ඉදි කර අව­සන් කර­නවා - රාජ්‍ය ඇමැති සරත් වීර­සේ­කර
...

 
රට හදන සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති මාලාව අනුව නගර නිර්මා­ණ­යට අවශ්‍ය යටි­තල පහ­සු­කම් ලබන වස­රේදී ඉදි කර අව­සන් කරන බව රාජ්‍ය ඇමැති රියර් අද්මි­රාල් සරත් වීර­සේ­කර මහතා පවසනවා.

ග්‍රාමීය ආර්ථි­කය නඟා සිටු­වීමේ ජාතික වැඩ­ස­ට­හනේ සාමා­ජීය යටි­තල පහ­සු­කම් සංව­ර්ධන කමිටු පුත්තලම් දිස්ත්‍රික් රැස්වී­මේදීයි රාජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව පවසාසිටියේ.

මේ වන විටත් තම අමා­ත්‍යාංශ නිල­ධා­රීන් සහ ප්‍රාදේ­ශීය දේශ­පා­ලන නාය­ක­යන් විසින් අවශ්‍ය පහ­සු­කම් හඳු­නා­ගෙන ඇති අතර, ඒවා කඩි­න­මින් අව­සන් කරන බව ද ඒ මහතා කියාසිටියා.

මේ වැඩ­ස­ට­හන යටතේ ග්‍රාමීය පාලම් තුනක් ද, මිලි­යන 568ක් වැය කර­මින් පළාත් මාර්ග කිලෝ­මී­ටර් 15.3ක් ද, ජලය ලබා­දීමේ ව්‍යාපෘති 1,200ක් ද, ග්‍රාමීය රෝහල් හතක් ද ගිනි නිවීමේ මධ්‍ය­ස්ථා­න­යක් ද, තොර­තුරු තාක්ෂණ මධ්‍ය­ස්ථාන හත­රක් සහ කාර්යාල ගොඩ­නැ­ගිලි හා පුස්ත­කාල තුනක් දී­මට කට­යුතු කර ඇති බවත් පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ සංව­ර්ධ­නය සඳහා ඉව­හල් වන කඩි­නම් ව්‍යාපෘති තිබේ නම් එය දෙන ලෙසත් පවසා සිටියා.

ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ පළාත් පාලන ආය­ත­න­වල ඇති විවිධ වූ ගැටලු පෞද්ග­ලි­ක­වම නිරී­ක්ෂ­ණය කිරී­ම­ටත් අපේක්ෂා කරන බවත් ඒ සඳහා කඩි­නම් විස­ඳුම් ලබා­දී­මට කට­යුතු කරන බවයි.

මේ අව­ස්ථාව සඳහා සාමා­ජීය යටි­තල පහ­සු­කම් සංව­ර්ධන කමි­ටුවේ ඇමැති මණ්ඩල නියෝ­ජි­ත­යන් ද සහභාගී විය.

චන්දිමා කරු­ණා­රත්න

More News
...
Friday, 20 November 2020 - 20:37

ලබන ජනවාරි මාසයේදී දැවැන්ත කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන්...   Read more

...
Sunday, 15 November 2020 - 22:59

කොවිඩ් මැද මන්දගාමී වූ දේශපාලන කරළියේ රැඟුම් යම් පමණකට සුපුරුදු රිද්මයට පැමිණීම පසුගිය සතියේ...   Read more

...
Wednesday, 11 November 2020 - 10:29

ඉදිරි අයවැයෙහි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ කරුණු රැසක් ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...