Thursday, 12 November 2020 - 21:30
තිරසාර ව්‍යවසාය සංවර්ධනය සඳහා Good Life X වැඩසටහනේ අඛණ්ඩ සහාය
...


නව ව්‍යවසාය සවිබල ගැන්වීම අරමුණු කරගත් GoodLife X (GLX) ව්‍යාපෘතියේ සහාය හිමි වූ තවත් අලුත් ව්‍යාපාර ආයතන පෙළක් පසුගියදා තම ව්‍යාපාර සංවර්ධන වැඩසටහන සාර්ථකව නිමා කළේය. දෙවැනි වරට සංවිධානය කෙරුණු මෙම වැඩසටහන මාස තුනක් පුරා ක්‍රියාත්මක විය.

එය ඉකුත් ජූලි මාසයේදී ආරම්භ වූයේ ආහාර, සංචාරක, සුවතා හා නිර්මාණ සැලසුම් යන අංශ ආවරණය කරන නව ව්‍යාපාර 10ක් ඊට එක් කරගනිමිනි. එම විවිධත්වය තුළින් මෙම වැඩසටහනේ සැබෑ අරමුණ ද හොඳින් පිළිබිඹු වීම තවත් විශේෂත්වයකි. එමෙන්ම වසංගත කාලයක් පවතින පසුබිමක හා එහි බලපෑම දේශීය ව්‍යාපාරවලට එල්ලවී ඇති පසුබිමක, එම ව්‍යාපාර ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් මෙවැනි ව්‍යාපාර සංවර්ධන වැඩසටහනක් සංවිධානය කිරීම අතිශය කාලෝචිත පියවරක් විය.

ඒ අනුව ව්‍යාපාර සංවර්ධන වැඩසටහනේ දෙවැනි අදියරට BusSeat, Good Folks, Local Forecast, Mindful Travels, Moonshadow Naturals, Olai, Owita Organics, RAW, Sebastco හා Wawamu යන සමාගම් එක්ව සිටියේය.

ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් GIZ ආයතනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන වැඩසටහනේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, ආචාර ධර්ම හා තිරිසාර බවින් යුත් ව්‍යවසායකත්වයක් දියුණු කිරීම සඳහා කදිම වේදිකාවක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. තව ද මෙම නව ව්‍යවසායන් වෙත මාර්ගෝපදේශනය, සංවර්ධන සහාය හා ශක්තිමත් අධ්‍යාපන සහකරුවන් හා සබඳතා නිර්මාණය කරදීම ඇතුළු තවත් වටිනා දායකත්වයක් සපයමින් ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් සංවිධානය කරගැනීමට හා වර්ධනය කරගැනීමට මෙම වැඩසටහන සහාය වී තිබේ.

ඉකුත් වසරේදී නව ව්‍යවසායකයින් 6 දෙනෙක් මෙම ව්‍යාපාර සංවර්ධන වැඩසටහනට එක්වුණු අතර, ඔවුන්ට තම ව්‍යාපාර වර්ධනය කරගැනීමටත්, වඩාත් තිරසාර අනාගතයක් සඳහා තම දායකත්වය සැපයීමටත් ඉන් අවකාශය උදාවිය.

“තිරසාර බවින් යුතු නව ව්‍යවසායන්ට ශ්‍රී ලංකාවේ හරවත් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ කරා ඉදිරිපත් කිරීම සඳහා, නවෝත්පාදනය හා උද්‍යෝගය ලබාදීමට GLX වැඩසටහනේ අරමුණයි. මේ වසරේදී අපගේ වැඩසටහන සමඟ එක් වූ ව්‍යවසායකයින් තම නවෝත්පාදන ව්‍යාපාර කටයුතු හරහා සමස්තයක් ලෙස ගෝලීය යහපත උදෙසා ලබාදී තිබූ අවධානය අපගේ විශේෂ අවධානයට ලක්වුණා” යනුවෙන් 2020 ව්‍යාපාර සංවර්ධන වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් GoodLife X අධ්‍යක්ෂිකා රන්දුලා ද සිල්වා පැවසුවාය.

සති 12ක් පුරාවට අන්තර්ජාලය හරහා පැවැති මෙම වැඩසටහන අතරතුරදී, උපදේශකයින්, සංවර්ධන සහකරුවන් සහ GLX සාමාජිකයින් හා එක්ව තම සැබෑ විභවතාවය හා වර්ධන හැකියාව සොයා යෑමේ අවස්ථාව මෙම නව ව්‍යවසායකයින්ට උදාවිය. එමෙන්ම අධ්‍යාපන, උපදේශන, සංවර්ධන හා ඉලක්ක කළමනාකරණ ආදී අංශ පිළිබඳ වටිනා දැනුම් සම්භාරයක් ද ඔවුන්ට හිමිවිය.

මෙවර වැඩසටහනේ තවත් එක් සුවිශේෂී අංගයක් වූයේ ජර්මනියේ ප්‍රමුඛතම ව්‍යාපාරික පාසලක් වන බර්ලිනයේ, ESCP ව්‍යාපාරික පාසල හා එක්ව ගොඩනැඟුණු සහයෝගීතාවය යි. ඒ අනුව මෙම වැඩසටහනට එක්වුණු සෑම ව්‍යවසායකයෙකු හටම ESCP ව්‍යාපාර පාසලේ උපදේශකවරයෙකු අනුයුක්ත කෙරිණි. එම උපදේශකවරු හරහා නව ව්‍යවසායකයින් උපායමාර්ගික චින්තනයට දිරිගන්වනු ලැබේ. ඉන් බලාපොරොත්තු වන්නේ නව ව්‍යාපාර අවස්ථා දිනාගැනීමට අවැසි හැකියාවන්ගෙන් නව ව්‍යවසායකයින් සන්නද්ධ කිරීම ය.

එමෙන්ම නව ව්‍යවසායකයින්ට මානව සම්පත් කළමනාකරණය, මූල්‍යයනය, නීතිය, අලෙවිකරණය හා සන්නාමකරණය ආදී විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාළව ප්‍රවීණයින්ගේ දැනුම ලබාගත හැකි විවිධ අංග ගණනාවක් ද මෙම වැඩසටහනට ඇතුළත් විය. තව ද නව ව්‍යාපාර අවස්ථා දිනාගැනීමට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ද වැදගත් පුහුණුවක් ඔවුන්ට හිමිවිය. ව්‍යාපාර ආයතන සඳහා පැහැදිලි දැක්මක්, එකිනෙක හා සම්බන්ධ වූ ඉලක්ක හා මැනිය හැකි ප්‍රතිඵල ළඟාකරගැනීමට සහාය වන ‘අරමුණු හා ප්‍රධාන ප්‍රතිඵල’ ක්‍රියාරාමුවක් (OKRs framework) ද මෙහිදී හඳුන්වාදුනි.

GLX හි ප්‍රජා හවුල්කරු වන Hatch ආයතනය ද මෙම නව්‍ය ව්‍යවසායකත්ව සංස්කෘතිය වර්ධනය කිරීමටත්, ගතික ව්‍යාපාර පරිසර පද්ධතියක් වැඩිදියුණු කිරීමටත් විශාල දායකත්වයක් සපයා ඇත.

ශ්‍රී ලාංකික නව්‍ය ව්‍යවසායකත්ව පද්ධතිය මෙරට තුළ මුල් බැස ගැනීමට පටන් ගන්නා පසුබිමක, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමත්, ආසියාව තුළ නවෝත්පාදන කේන්ද්‍රයක් හා තිරසාර ව්‍යාපාර කේන්ද්‍රයක් ලෙස ඔසවා තැබීමත් අතින් ඉතා කෙටි කාලයක් තුළ සැළකිය යුතු සාර්ථකත්වයක් අත්කරගැනීමට GLX වැඩසටහනට හැකි වී තිබේ.

More News
...
Friday, 27 November 2020 - 21:56

ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ණය ගෙවීමේ හැකියාව...   Read more

...
Thursday, 26 November 2020 - 7:45

කොරෝනා තත්ත්වය හමුවේ දරුණු ලෙස බලපෑම් එල්ලවී තිබෙන මෙරට සුළු සහ මාධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන...   Read more

...
Wednesday, 25 November 2020 - 19:57

මින් ඉදිරියට මෙරටට ගැළපෙන ආයෝජන ගෙන ඒමට කටයුතු කරන බවත්, 1948 සිට මෙරට මෙතෙක් අනුගමනය කරමින් පැවති...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...